වතුකරයේ පාසල්වල ඇති විද්‍යා, ගණිත ගුරු හිඟය මගහරවා ගැනීම සඳහා ඉන්දියාවෙන් ගුරුවරු සියයක් ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන...
වතුකරයේ පාසල්වල ඇති විද්‍යා, ගණිත ගුරු හිඟය මගහරවා ගැනීම සඳහා ඉන්දියාවෙන් ගුරුවරු සියයක් ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්ගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ වතුකරයේ මෙන්ම දෙමළ මාධ්‍යයෙන් උගන්වන සෙසු පාසල්වලත් විද්‍යාව හා ගණිතය ඉගැන්වීම සඳහා සුදුසුකම්ලත් ගුරුවරුන් ප්‍රමාණවත් නොවන නිසා එම සිසුන් බලවත් අපහසුතාවකට මුහුණදී ඇතිබවයි.
තමා මේ පිළිබඳව අගමැතිවරයා සමග සාකච්ඡා කළ බවත්, එහිදී ඉන්දියාවෙන් සුදුසුකම් ලත් ගුරුවරුන් සියයක් ගෙන්වීමට අගමැතිවරයා එකඟවූ බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS