ශ්රී ලංකාව ඇත්තේ පස්වැනි සෘණ පරම්පරාවේ දේශපාලනයක් බවත් නමුත් සත්‍ය ලෙසම ලංකාවට ඇත්තේ පස්වැනි පරම්පරාවේ දේශපාලනයක් බවත් මහානගර හා බස්නාහිර...
ශ්රී ලංකාව ඇත්තේ පස්වැනි සෘණ පරම්පරාවේ දේශපාලනයක් බවත් නමුත් සත්‍ය ලෙසම ලංකාවට ඇත්තේ පස්වැනි පරම්පරාවේ දේශපාලනයක් බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
චීන සම්ප‍්‍රදාය 2018 අලුත් අවුරුදු සැමරුමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“ අද ලෝකය තාක්ෂණය සමග සමාජමය හා ආර්ථිකමය වශයෙන් ඉදිරි පිමි පනිමින් සිටිනවා. ඒ අනුව මානව සංහතියට දැන් උදා වී ඇත්තේ 5G නොහොත් 5th Generation යුගයක්. නමුත් අවාසනාවට අපේ ආණ්ඩුවේ හා රටේ දේශපාලනයේ ඇත්තේ ඍණ 5G යුගයකයි. වෙනත් වචනවලින් කියනවා නම් අපේ රටේ ආණ්ඩුවේ හා රටේ සමස්ත දේශපාලනය තවමත් සිටිනුයේ 1980 දශකයේ යි. නමුත් ලංකාවට දැන් අවශ්‍ය 5Gදේශපාලනයක්.
ඒ නිසා මේ වන විට දේශපාලනමය වශයෙන් වැදගත් දේශපාලන න්‍යාය පත‍්‍රයක් රටට අවශ්‍ය වී තිබෙනවා. වෙනස් කිරීම් කරනවා කියලා ආණ්ඩුවේ කොණ්ඩ මෝස්තර වෙනස් කළත්, මේකප් කළත්, ප්ලාස්ටික් සැත්කම් කළත් හරියන්නේ නැහැ.
දැන් අවශ්‍ය ජාන සැත්කමක්, ජාන සැත්කමකින් තොරව මේ ජාතික සන්ධානයට ඉදිරියට යන්න බැහැ. ඉදිරියේදී අපි ඒ වෙනස්කම් කරනවා. රජයේ වෙනස්කම් අවශ්‍යයි. ජාන සැත්කමක් ආණ්ඩුවට අවශ්‍යයි. මාස 18 ක ජාතික වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂයෙත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ප‍්‍රගතිශීලී ඉදිරි ගමන දකින ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටස් එක්ක එකතුවෙලා අපි ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරනවා. ඒ අනුව රට ඉදිරියට ගෙනයමින් පවුල්වාදී, බලකාමී, නූගත් බලවේගවලට නැවත මේ රටේ බලය ලබා ගන්න ඉඩ දෙන්නේ නෑ.,” යැයි ද පවසා සිටියේය.
COMMENTS