සිමෙන්ති කොට්‌ටයක මිල රුපියල් 30 කින් වැඩිකර ඇත. ඒ අනුව රුපියල් 930 ක්‌ව තිබූ කිලෝ 50 ක සිමෙන්ති කොට්‌ටයක මිල දැන් රුපියල් 960 ක් වේ. ස...
සිමෙන්ති කොට්‌ටයක මිල රුපියල් 30 කින් වැඩිකර ඇත.
ඒ අනුව රුපියල් 930 ක්‌ව තිබූ කිලෝ 50 ක සිමෙන්ති කොට්‌ටයක මිල දැන් රුපියල් 960 ක් වේ. සිමෙන්ති නිපදවීම සඳහා මෙරටට ගෙන්වන අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යැම නිසා මෙම මිල වැඩි කිරීම සිදුකළ බව පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.
සිමෙන්ති මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ ආනයනික සිමෙන්ති මිල වැඩි නොකර දේශීය නිපදවන සිමෙන්ති මිල රුපියල් 30 කින් වැඩිකර ඇති බවයි. දැනට ලංකාව තුළ දේශීය සමාගම් දෙකක්‌ද සමග සිමෙන්ති වර්ග 24 ක් වෙළෙඳ පොළේ අලෙවි කෙරෙන බවද හෙතෙම පැවැසීය.
COMMENTS