දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපය නව නායකයකුට දෙන්නනැයි දිස්ත්‍රික් 25ක ක්‍රියාකාරීහු ඉල්ලති
Homeප්‍රවෘත්ති

එජාපය නව නායකයකුට දෙන්නනැයි දිස්ත්‍රික් 25ක ක්‍රියාකාරීහු ඉල්ලති

PropellerAds

එක්සත් ජාතික පක්ෂය 2020 විස්සයි විස්සේ දී බලය ලබාගැනීමට නම් වර්තමාන නායකත්වය වහා ඉවත් වී තරුණ නව නායකත්වයකට පක්ෂය භාර දෙන ලෙස එක්සත් ජාතික...

මරික්කාර්ට අලුත් තනතුරක් - ආණ්ඩුවෙන් කාර්යාලයකුත් වෙන්කරයි
නිදහස් පෙරහුරුවේදී අනතුරක් - පැරිෂුට් භටයෙක් රෝහලේ
නිදහස් දිනයේදී ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙන්න
එජාපය නව නායකයකුට දෙන්නනැයි දිස්ත්‍රික් 25ක ක්‍රියාකාරීහු ඉල්ලති

එක්සත් ජාතික පක්ෂය 2020 විස්සයි විස්සේ දී බලය ලබාගැනීමට නම් වර්තමාන නායකත්වය වහා ඉවත් වී තරුණ නව නායකත්වයකට පක්ෂය භාර දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (17 ) ඉල්ලා සිටියේය. 

දිස්ත්‍රික්ක 25 ක නියෝජිතයන්,  එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ ක්‍රියාකාරීන් එක්ව මෙම එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ආරම්භ කර තිබේ. 

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ලෙස අලුතින් පිහිටුවා ගත් සංවිධානයේ මහලේකම්, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී, එස්. ආර්. එම්. වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන්  නායකත්වයට වසර විසිපහක කාලයක් ගත වී ඇතත් එක්සත් ජාතික පක්ෂ බලය පිහිටුවා ගැනීමට නොහැකි වූ බවය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ බහුතරය පිළිගත් තරුණ නායකයකුට පක්ෂයේ නායකත්වය බාර දී වර්තමාන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය තබාගෙන පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවද වික්‍රමසිංහ මහතා කීවේය‍.

මෙම සංවිධානය වටා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයින් රැසක් එක්ව සිටින බවද ඔහු සඳහන් කළේය. 

දැනට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම පලක් නොමැති බවත් මහලේකම් ධූරය තිස්ස අත්තනායක මහතාට දිය යුතු බවත් අකිල විරාජ් කාරියවසම් මහතාට එය ලබා නොදිය යුතු බවද ලේකම්වරයා සඳහන් කළේ ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පක්ෂය සමග  එක් වූයේ ජනාධිපති අපේක්ෂකයෙකු විදිහට නොව අගමැති අපේක්ෂකත්වය  බලාගෙන  බවත් හෙතෙම විශේෂ ප්‍රකාශයක්ද කළේය.

රටේ ජනමතය උරගා බැලීමට නම් එක්සත් ජාතික පක්ෂ නායකයා ජංගම දුරකථනයක් විවෘත කර මතය විමසන ලෙස ද ඉල්ලීමක් කළේය. එවිට කෙටි පණිවිඩ වලින් සහ දුරකථන ඇමතුම්වලින් නව නායකත්වය කවුදැයි යන්න පක්ෂ නායක වරයාට දැකගැනීමට හැකි බවද හෙතෙම සඳහන් කෙළේය.

මෙහිදී මාධ්‍යවේදියකු විමසීමක් කළේ හම්බන්තොටින් නැවතත් නායකත්වයක් බිහි වන්නේද යන්නය. එවිට එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා සහ ලේකම්වරයා ද කියා සිටියේ සමහර විට එය විය හැකි බවයි.

මාධ්‍යවේදීන් සහ පුවත් පත් සාකච්ඡාව කැඳවූ අය අතර ඇති වූ සාකච්ඡාවේදී නව නායකත්වය සුදු ඇඳුම් අඳින කෙනෙකු විය හැකි බවටද ඉඟි පළ විය‍.

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති  දුමින්ද බණ්ඩාරනායක මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ මෙරට පැරණිතම සහ විශාලතම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් මෙරට සියලුම ජාතීන් එක් කළ එකම පක්ෂයද එක්සත් ජාතික පක්ෂය බවත්ය. එබැවින් එම පක්ෂය ආරක්ෂා කිරීමේ වගකීම තම සංවිධානය විසින් සිදු කරන බව සඳහන් කළේය.

වහාම එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බවත් එතුමාට ඉදිරියේදී ගෙන එන දෝෂාභියෝග 1000 ආවත් ආරක්ෂා කරන බවත් නායකත්වයෙන් වහාම ඉවත් විය යුතු බවද සඳහන් කළේය. වර්තමාන නායකත්වය මෙම හඬට සවන් නොදෙන්නේ නම් වෙනම ගමනක් යනවාද යන්න තීන්දු කරන බවද හෙතෙම සඳහන් කෙළේය.

එමෙන්ම නව නායකත්වය කවුරුන්ද යන්න මාධ්‍යවේදීහු බණ්ඩාරනායක මහතාගෙන් පුන පුනා විමසන්නට වූහ. එහෙත් නායකත්වයට එන පුද්ගලයා පිළිබඳව හෙළිකිරීමට නොහැකි බවත් ම එම නායකත්වය රටම  දන්නා බවද සඳහන් කළේය. 

මාධ්‍යවේදීන් මෙහිදී සභාපතිවරයාගෙන් විමසා සිටියේ කථානායක කරූ ජයසූරිය  මහතා පක්ෂ නායකත්වය බාර ගන්නවාද යන්නය . ඊට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ අගමැති ධූරය බාරගන්නට කී අවස්ථාවේදී එය බාර ගත් නොගත් කරු ජයසූරිය මහතා පක්ෂ නායකත්වය බාර නොගන්නා බවය.  

මාධ්‍යවේදීන් පවා නායකත්වය කවුරුන්ද යන්න දන්නා බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අවස්ථාවට දීවයිනේ දිස්ත්‍රික්ක 25 ක එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ එක්ව සිටියහ.

(කාංචන කුමාර ආරියදාස)

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපය නව නායකයකුට දෙන්නනැයි දිස්ත්‍රික් 25ක ක්‍රියාකාරීහු ඉල්ලති
එජාපය නව නායකයකුට දෙන්නනැයි දිස්ත්‍රික් 25ක ක්‍රියාකාරීහු ඉල්ලති
http://am.lk/media/k2/items/cache/4c5b7f98790b8e78bf499b28a9f54958_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy