විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා හිමි නමකට තර්ජනය කොට පහර දීමට උත්සාහ දරණ වීඩි...
විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා හිමි නමකට තර්ජනය කොට පහර දීමට උත්සාහ දරණ වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබේ.
එහිදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභා ගොඩනැගිල්ල තුලදී අදාළ හිමිනමට බැන වැදී පහර දීමට තැත් කර ඇත.
මීට මාස තුනකට පමණ පෙර රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා හමුවීමට පළාත් සභා පරිශ්‍රය තුළට පැමිණ තිබේ.
එහිදී එම පිරිසට සාකච්ජාවක් සඳහා පළාත් සභා ගොඩනැගිල්ල තුළට පැමිණි අවස්ථාවේදී තමන්ට මෙලෙස පහර දීමට උත්සාහ දැරූ බව එම සංගමයේ කැඳවූම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් පවසයි.
රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන්ට තර්ජනය කර පහර දීමට තැත් කළ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා වහා එම තනතුරෙන් ඉඅවත් කරන ලෙස කැෆේ ඇතුළු මානව හිමිකම් සංවිධානය ජනාධිපතිවරයා වෙත විවෘත ඉල්ලීමක් සිදු කර තිබේ.
එම වීඩියෝව පහතින්,
COMMENTS