දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආධාරකරුවන් වෙනුවෙන් නීතියට හිස නැමූ රජිත - සිරගෙයි සිට ලියා එවු හිත හිරිවට්ටන ලිපිය - Exclusiv
Homeගොසිප්

ආධාරකරුවන් වෙනුවෙන් නීතියට හිස නැමූ රජිත - සිරගෙයි සිට ලියා එවු හිත හිරිවට්ටන ලිපිය - Exclusiv

PropellerAds

මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගියවරට සාපේක්ෂව තරමක් අඩු බවට වාර්තාවනව. නමුත් ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවු කොන්තරයක් හේතුවෙන් අපේක්ෂකයාටද...

හොඳ පාසලකට යවන්නම් කියා ඡායාරූප ශිල්පියා පාසල් දැරිය අතවර කරලා
කීර්ති පැස්කුවෙල්ගෙන් Fill Tට කනේ පහරක්
වොටර්ස් ඒජ්හි සුපිරි අවන්හල 'ෆිෆ්ටි කේ ඕකිඩ්' විවෘත වෙයි
මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගියවරට සාපේක්ෂව තරමක් අඩු බවට වාර්තාවනව. නමුත් ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවු කොන්තරයක් හේතුවෙන් අපේක්ෂකයාටද සිරගෙයි ලැගීමට සිදුවූ පුවතක් නුවර ප්‍රදේශයෙන් වාර්තාවනව. ඒ නුවර මහ නගර සභාවට එ ජා පයෙන් තරගවදින රජිත සමරසූරිය වෙතයි.  අපට වාර්තාවන පරිදි අදාර කරුවන් වෙනුවෙන් තමා නීතිය හමුවේ හිස නැමීම හේතුවෙන් මොහුට මෙම ඉරනම අත්ව තිබෙන බවටයි අපට වාර්තාවෙන්නෙ.

කෙසේ නමුත් සිරගෙයි ලැගීමට වුවත්  තම හිතාදර පාක්ෂිකයන් අමතක නොකිරීමට එම අපේක්ෂකයා කටයුතු කල පුවතක් සමාජ ජාලා වෙබ් අඩවිතුල මේ දිනවල සැරි සරනවා. ඒ බෝගම්බර සිර මැදිරියේ සිට  පාක්ෂිකයන්ට එවු ලිපියකි ... ඒ මෙලෙසිනි



සිර මැදිරියේ සිට ලියා එවමි

මෙවර මහනුවර මහ නගර සභා මැතිවරණයේදි අරුප්පල නාගරික කොට්ඨාශයෙන් තරග වදින මාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කල දිනයේ පටන් මා සමග අත්වරල් බැදගත් ඔබ සැම සිහිපත් කරන්නේ හදපිරි කෘතවේදිත්වයෙනි.

මහනුවර ඉපදී, හැදී වැඩුනු මා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවේ පොත පතේ දැනුම සේම, ක්‍රීඩා ඇතූළු බොහෝ විෂය බාහිර කටයුතු වලදීද පාසලේ මුල්තැනක් ගනිමිනුයි. එහිදී නායකත්වය උදෙසා ලද පන්නරය මෙතෙක් මාගේ ගමන එලිය කල මගපෙන්වීම වූ බව සිහිපත් කරන්නේ ශීර්ෂ ප්‍රණාමයෙන් යුක්තවයි.
2011 වසරේ ජනතාව ඉදිරියේ මා දේශපාලනයේ පළමු පියවර තැබූයේ මහනුවර මහා නගර සභාවේ එවක ලාබාලතම අපේක්ෂකයා ලෙසයි. මහනුවර දේශපාලනයේ පරිනතම පූර්වාදර්ශය වූ අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ආශිර්වාදයෙන් තරුණ අපේක්ෂකයෙකු ලෙස එදා ඇරඹූ ගමන, 2011 පළාත් පාලන මැතිවරණයේදී ජනතා මනාප 1660 ක් ලබා දෙමින් ඔබ ලබාදුන් ශක්තියෙන් හෙට දවසේ ගම නංවන ගමනක මූලාරම්භය වූ බව මා විශ්වාස කරමි. පසුගිය වසර දෙකහමාර තුල කිසිදු මන්ත්‍රී ධුරයක් නොමැතිව මාගේ නායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිදුන්ගේ පුර්ණ ආශිර්වාදයෙන් ඔබ වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කිරීමද එම ආරම්භය රුකුලක් විය.

දස වසරකට වඩා කාලයක් තනතුරුවලින් බැබලෙන්නට පමණක් සීමා වූ ජනතා නියෝජිතයින් හිස් අතින් ඔබ ඉදිරියට එද්දී, ඔබ අප යන එන මාර්ගයේ පැවති අඩුපාඩු මමද දුටුවෙමි. ගරා වැටෙන පොදු ගොඩනැඟිලි, වල් බිහිවෙමින් පැවති පොදු ක්‍රීඩාංගණය මමද දුටුවෙමි. තනතුරු ලැඛෙන තුරු කල් බලා නොසිට ඔබද සමඟ එක්ව අවැසි සංවර්ධනය ගමට ගෙන එන්නට මා පෙරමුණ ගත්තේ එහෙයිනි. එදා ඇරඹූ එ් ගමන මෙතෙක් වසර 03ක් තුල කොපමණ දුරක් ආවාද යන්න මා මුල්වී කාපට් කල, කොන්ක්‍රීට් යොදා නවීකරණය කල මා්ර්ගයන්හී ගමන් කරන ඔබ හොඳින් අත්දකිනවා ඇති. පොදු පහසුකම් එකින් එක ගමට ලැඛෙන අයුරු දකින ඔබ පිලිගන්නවා ඇති.

මෙවර පලාත් පාලන මැතිවරණයට අරුප්පල ලේවැල්ල කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා ලෙස මා ඉදිරිපත් වන්නට දිරි දුන් ශක්තිය වූයේද එ් සංවර්ධනය ගමට ඉල්ලා සිටි ගෞරවණීය ඔබයි. මැතිවරණ ව්‍යාපරය ආරම්භයේ සිටම මා හට ශක්තියක් වූ දහසක් දෙනා පාට පක්ෂ භේද අතහැර මා සමඟ අත්වැල් බැඳගත්තේද මා පිලිබඳ වූ එ් විශ්වාසය නිසා බව මේ මොහොතේ සිහිපත් කරමි.
ගමට හිතැති දහසක් දෙනා මා වටා එක් වද්දී එ් දැක කුපිිත වු බංකොලොත් ප්‍රතිපාක්ෂික අපේක්ෂකයින් අභූත චෝදනා නගා එ් ගමන අවහිර කරන්නට වෑයම් කරද්දී, මා කලේ ජනතාව සමඟ ඇරඹූ ගමන පෙරට යෑම පමණි. අවසන මා සිරගත කර හෝ ඔවුන්ට අවැසි වූයේ මේ ගමන නතර කිරීමයි. නමුත් ජනතාව වෙනුවෙන් සිටිනා මිනිසෙකු වෙනුවෙන් කොතෙක් නම් අත්වැල් බැෙඳනවාද යන්න අද මා මෙන්ම මා සිරකල විරුද්ධවාදීන්ද අත්දකින්නේ මේ මෙහොතේද මා වෙනුවෙන් යමක් කරන්නට වෙහෙසෙන සුවහසක් මිනිසුන් දකින විටයි. මේ මොහොතේදීත් මාගේ දෑත් ශක්තිමත් කරමින් මා දිරිමත් කරන ඔබ නැවත නැවතත් ගෞරවයෙන් සිහිපත් කරන්නේ එබැවිනුයි.

මා සිරගත කිරීමෙන් මාගේත් පක්ෂයේත් ජය වලක්වන්නට ඔවුන් අපේක්ෂා කළේනමි එය මහත් මුලාවකි.
සිරමැදිරියේ යකඩ කූරු අතර මා මහගු සවියක් ලැබුවෙම්. මාගේ ශක්තිය දෙගුණ තෙගුණ විය. ඔබේ ලෙංගතු පුතා, සොහොයුරා, මිතුරා ලෙස මා දිවිහිමියෙන් කැපවන්නට දැඩි ලෙස අදිටන් කර ගත්තෙමි.

මා දිනවන්නට කැපවන ඔබ දිනවන්නට මම මාගේ දිවියම කැපකරමි.
එන්න මා සමග එක්වන්න. අපි එක්ව ජයගමු. චිරුද්ධවාදි කුමන්ත්‍රණ ජනබලයෙන් පරදා පෙරටම යමු. ලෙසිනි





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආධාරකරුවන් වෙනුවෙන් නීතියට හිස නැමූ රජිත - සිරගෙයි සිට ලියා එවු හිත හිරිවට්ටන ලිපිය - Exclusiv
ආධාරකරුවන් වෙනුවෙන් නීතියට හිස නැමූ රජිත - සිරගෙයි සිට ලියා එවු හිත හිරිවට්ටන ලිපිය - Exclusiv
https://4.bp.blogspot.com/-Ur8Jw10tNQg/Wnhy5MZVUzI/AAAAAAAA3fg/2x52bIG8dvgaES-XxWXehqO_9I7b-qdXQCLcBGAs/s320/26168504_874338482770286_5928264478113828624_n.jpg
https://4.bp.blogspot.com/-Ur8Jw10tNQg/Wnhy5MZVUzI/AAAAAAAA3fg/2x52bIG8dvgaES-XxWXehqO_9I7b-qdXQCLcBGAs/s72-c/26168504_874338482770286_5928264478113828624_n.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/exclusiv.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/exclusiv.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy