දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තාජුඩීන්ගේ රථය ලුහුබැඳි වාහනයේ සීසීටීවී දර්ශන කොළඹ සරසවියට
Homeගොසිප්

තාජුඩීන්ගේ රථය ලුහුබැඳි වාහනයේ සීසීටීවී දර්ශන කොළඹ සරසවියට

PropellerAds

ඝාතනයට ලක්‌ වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මියයැමට පෙර ඔහුගේ වාහනය ලුහු බැඳ පැමිණි වාහනයේ සී. සී. ටී. වී. දර්ශන ඇතුළත් වීඩියෝ පටය ක...

සරසවි සිසුවියට බස් රථයේදී සරම ඉස්සූ සීයා අත්අඩංගුවට
අවසන් එක්දින ඉනිමට පෙර ඩිල්ෂාන්ට ලැබුණ ගෞරවය
ඔලිම්පික් දිනූ ඉන්දියානුවන්ට තෙන්දුල්කාර් අතින් බීඑම් ඩබ්ලිව්
ඝාතනයට ලක්‌ වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මියයැමට පෙර ඔහුගේ වාහනය ලුහු බැඳ පැමිණි වාහනයේ සී. සී. ටී. වී. දර්ශන ඇතුළත් වීඩියෝ පටය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වෙත යොමු කොට වාර්තාවක්‌ ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා ඊයේ (19 දා) නියෝග කළේය.
තාජුඩීන්ගේ රථය ලුහුබැඳි වාහනයේ සිද්ධියට අදාළව පරීක්‌ෂණ පවත්වන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේදී ඝාතනයට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නිsයෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක සුමිත් පෙරේරා යන දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

වැඩිදුර වාර්තාවක්‌ මඟින් කරුණු දැක්‌ වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ඝාතනයට ලක්‌වූ තාජුඩීන්ගේ වාහනය ලුහුබැඳ පැමිණි වාහනය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වන විටදී එහි පුද්ගලයන් කීප දෙනකු සිටි බවට කරුණු අනාවරණය වී ඇති බවත් වැඩිදුර පරීක්‌ෂණ සඳහා එම වාහනයේ සී. සී. ටී. වී. දර්ශන ඇතුළත් වීඩියෝ පටය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය වෙත යොමු කොට වාර්තාවක්‌ ලබා ගැනීමට නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඝාතනයට ලක්‌ වූ තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය නිසියාකාරව නොපැවැත්වීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාට එරෙහිව තවදුරටත් විමර්ශන පවත්වන බවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන පෙබරවාරි 02 දා තෙක්‌ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් එදිනට සිද්ධියට අදාළව පවත්වන පරීක්‌ෂණයේ ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.

(සමන්ත ඉලේපෙරුම)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාජුඩීන්ගේ රථය ලුහුබැඳි වාහනයේ සීසීටීවී දර්ශන කොළඹ සරසවියට
තාජුඩීන්ගේ රථය ලුහුබැඳි වාහනයේ සීසීටීවී දර්ශන කොළඹ සරසවියට
http://ift.tt/2juleWb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_201.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_201.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy