පසුගිය කාලය තුළ වාර්තා වු මැතිවරණ දූෂණ ක්‍රියා අතරින් දරුණුම මැතිවරණ නීති උල්ලංඝණය හා දූෂණය වාර්තා වන්නේ මහරගම ඡන්ද බල ප්‍රදේශයෙන් බවත්, ...
පසුගිය කාලය තුළ වාර්තා වු මැතිවරණ දූෂණ ක්‍රියා අතරින් දරුණුම මැතිවරණ නීති උල්ලංඝණය හා දූෂණය වාර්තා වන්නේ මහරගම ඡන්ද බල ප්‍රදේශයෙන් බවත්, මහරගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රය අවලංගු වීමෙන් අනතුරුව බයිසිකලය ලකුණ සහිත ස්වාධීන කණ්ඩායම පොදුජන පෙරමුණ විසින් මිලදී ගෙන ඇති බවත් ඔහු විසින් අනාවරණය කරන ලදී.
මහරගම නගර සභාවට අයත් කොට්ඨාස විසි පහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයින් ඉදිරිපත් නොවුනද පොදුජන පෙරමුණ මහරගමට ඉදිරිපත්ව ඇති ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයින් නීති විරෝධී අන්දමට මිලදී ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ළකුණ යටතේ නාමයෝජනා ලබාදීමට කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සාහ කිරීමට එරෙහිව කාන්තාවන් පිරිසක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු පැවසීය.
එවැනි අන්ත දූෂිත පරිසරයක පවත්වන මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පත්වන නියෝජිතයන් ගැන නිරන්තර අවධානයෙන් සිටිමින් පළාත් පාලන ආයතන තුළ ඉදිරියේ දී සිදුවීමට නියමිත දූෂණ හා වංචාවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැප වන බවද දූෂණ විරෝධී පෙරමුණේ සංවිධායකවරයා පවසයි.
COMMENTS