කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය අද (28) අළුයම 5.00 ට ඉවත් කෙරෙණු අතර රාතී‍්‍ර 8.0...
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය අද (28) අළුයම 5.00 ට ඉවත් කෙරෙණු අතර රාතී‍්‍ර 8.00 ට ඇදිරි නීතිය යළි පැනවීමට නියමිතය.
අද සිට මැයි පළමු වැනිදා දක්වා මෙම දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ රාති‍්‍ර 8.00 සිට පසුදා අලූයම 5.00 දක්වා පමණක් බව පොලීසිය පැවසී ය.
සෞඛ්‍ය මෙන්ම ආරක්‍ෂක අංශ ද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට හැර වෙනත් කටයුතු සඳහා නිවසින් බැහැර නොයන ලෙසයි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප‍්‍රදේශයේ පිහිටි පා ගමනින් යා හැකි ආසන්නතම වෙළද සැල පමණක් තෝරාගත යුතු බවට ආණ්ඩුව මීට පෙර දැනුම් දී තිබණී.
ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග සේවා ස්ථාන, කාර්යාල, වෙළදසැල්, කර්මාන්ත ශාලා, විවෘත කිරීමට අවස්ථාව පවතින බවයි. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසී ය.
ඇදිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් මෙන්ම සෞඛ්‍ය රීති කඩ කරන පුද්ගලයින්ද අද (28) සිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.
පොලිසිය සිවිල් ඇඳුමින් නිලධාරීන් යොදවලා තිබෙන බවත් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේ නැත්නම් කණ්ඩායම් වශයෙන් පොදු ස්ථානවල හෝ පෞද්ගලික ස්ථානවල ගැවසෙන්නේ නම් ඒ අයවත් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS