දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අංශ කිහිපයක් අද උදේ සිට වැඩ වර්ජනයේ.
Homeදේශපාලන

අංශ කිහිපයක් අද උදේ සිට වැඩ වර්ජනයේ.

PropellerAds

මාලඹේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් වෙනුවෙන් කැඳවා ඇති වැඩවර්ජනය අද(05) උදෑසන 8 ට ආරම්භ වෙයි.  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම...

"ඔබ හරියටම හරි" - පියුමිගේ කතාව චමුදිත පිළිගනී (VIDEO)
සජිත් පිලේ 19ක් සජිත් සමඟ අවුලක - නම් ලැයිස්තුවත් එලියට
ආයුධ සන්නද්ධව පැමිණ දැරියක් පැහැරගනී

මාලඹේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් වෙනුවෙන් කැඳවා ඇති වැඩවර්ජනය අද(05) උදෑසන 8 ට ආරම්භ වෙයි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසුවේ අංශ  කිහිපයක සේවා මේ නිසා අඩාල විය හැකි බවයි. 

රටපුරා රෝහල්වල වෛද්‍යවරුන් සහ සෙසු සෞඛ්‍ය සේවකයන්ද අද වැඩවර්ජනය  කළත් අත්‍යවශ්‍ය සහ හදිසි ප්‍රතිකාර සේවා නතර නොකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණි. 

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් ඕනෑම අවස්ථාවකදී වැඩවර්ජනය නතර කිරීමට සූදානම් බවද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා කියාසිටියේය. 

මේ අතර වැඩවර්ජනය හේතුවෙන් ඖෂධ නිකුත් කිරිම වැනි අතුරු සේවා සම්බන්ධයෙන් බිද වැටීමක් සිදුවුවහොත් එම කටයුතු ඔසුසල් මඟින් හෝ වෙනත් විකල්ප ක්‍රම මඟින් සිදු කිරිමට අපේක‍ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ  ශ්‍රේණි දෙකක නිලධාරීන් මෙම වැඩවර්ජනයට එක් වන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය පවසයි. 

එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ මෙම වැඩවර්ජනය නිසා අද උදෑසන අටෙන් පසු දුම්රිය බොහොමයක් අවලංගු විය හැකි බවයි.

මේ අතර දුම්රිය ධාවනයේ කිසියම් අඩාලවීමක් සිදුවුවත් මගීන්ට අපහසුවක් ඇති නොවන පරිදි ප්‍රවාහන සේවා සැපයීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 

අද කැඳවා ඇති වැඩවර්ජනයට තමන් එක් නොවන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය. 

ශ්‍රී ලංගම නියෝජනය කරන සමස්ත ලංකා ප්‍රවාහන සංගමයද කියාසිටියේ අද වැඩවර්ජනයට තමන් එක් නොවන බවයි. 

කෙසේවෙතත් මාලඹේ සයිටම් ආයතනයට තමන්ද එරෙහි බවත් ඒ අනුව සයිටම් විරෝධී ඉදිරි ක්‍රියාමාර්ගවලට  සහාය දක්වන බවත් ඔවුන් පැවසුවේය.                  

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29407,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අංශ කිහිපයක් අද උදේ සිට වැඩ වර්ජනයේ.
අංශ කිහිපයක් අද උදේ සිට වැඩ වර්ජනයේ.
http://ift.tt/2p35gbH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_139.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_139.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy