දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ස්වයං නිරුවත් වීම - චාමර ලක්ෂාන් කුමාර
Homeදේශපාලන

ස්වයං නිරුවත් වීම - චාමර ලක්ෂාන් කුමාර

PropellerAds

රාජපක්ෂ පාලන සමයේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට සැලකූ ආකාරය අමතක නැති අයට මේ “මොණර නැටුම” පහසුවෙන් හඳුනාගත හැකිය. 2010 ජනාධිපතිවරණ සම...

අනෝමා නැවතත් බුකිය කළඹයි (PHOTOS)
අනුලා විදුහල්පතිනියට අධිකරණයෙන් නොතීසි.
අගමැතිගේ නවසීලන්ත ගමනට පාරකැපුනෙ මෙහෙමයි.
ස්වයං නිරුවත් වීම - චාමර ලක්ෂාන් කුමාර
රාජපක්ෂ පාලන සමයේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට සැලකූ ආකාරය අමතක නැති අයට මේ “මොණර නැටුම” පහසුවෙන් හඳුනාගත හැකිය. 2010 ජනාධිපතිවරණ සමයේදී මේ හමුදා නිලධාරියා රාජකාරි කටයුතු කළේ මුල්ලන්කෝවිල් කඳවුරේ අණදෙන නිළධාරියා ලෙසය. ඒ ජනාධිපතිවරණ සමයේදී ඔහුගේ කඳවුරට ප්‍රසංගයක් සඳහා පැමිණි රටේ සුප්‍රකට ගායන ශිල්පියකු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලෙස “අනවශ්‍ය” ඉල්ලීමක් කළ මොහොතේ කඳවුර තුළ දේශපාලනය නොකරන ලෙස කියමින් ඔහුව වේදිකාවෙන් බැස්සවීමට ප්‍රනාන්දු මහතා කටයුතු කළේය. කිසිසේත්ම අසාධාරණ නොවූ ඒ ඉල්ලීමට මහින්ද රාජපක්ෂලා එදා ප්‍රතිචාර දැක්වූයේ ඉතා සාහසික ලෙසටය. දේශප්‍රේමය හා රණවිරුවන් ගැන පැය විසිහතර පුරා දොඩවන රාජපක්ෂවරු හැරෙන තැපෑලෙන්ම බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවීමට එදා කටයුතු කරන ලදී. අද බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව උත්කර්ෂයට නංවමින් සිටින පුද්ගලයන්, කණ්ඩායම් එදා ඔහුට සැලකුවේ ඒ ආකාරයට ය. ඒ අතීත කතාවය. දැන් වර්තමාන කතාවට පැමිණෙන්නෙමු.
 
බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසල සිදු වූ මත ගැටුමේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විරෝධතාකරුවන්ගේ ගෙල සිඳින බව අභිනයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කරයි. කිසිසේත්ම එය සරල සිදුවීමක් නොවේ; මරණීය තර්ජනයකි. විරෝධතාකරුවන් එහිදී කවර ලෙස හැසිරුණේදැයි අප දන්නේ නැත. එහෙත් බ්‍රිතාන්‍ය ආරක්ෂක නිලධාරීන් ද මැද එවැන්නකු එසේ හැසිරීම ඉතා ඛේදනීයය.
 
දූත මණ්ඩල හැසිරිය යුත්තේ රාජ්‍ය තාන්ත්‍රිකවය. ඊට වෙනම ආචාර ධර්ම පද්ධතියක් පවතී. එනිසා දූත මණ්ඩල සේවයට වෙනම සංස්කෘතියක් ද පවතී. ඒ සංස්කෘතිය මුළු වැර යොදා ආරක්ෂා කළ යුත්තේ එය රටේ ගෞරවයට මෙන්ම කීර්තියට ද හේතු වන නිසා ය. එහෙත් අද ඉන් පැතිරෙන්නේ දුගඳකි. ඒ දුගඳ හමන්නේ අපට පමණක් නොවේ; මුළු ලෝකයට ම ය. බරපතල වන්නේ එයයි.
 
මේ නොසරුප් ලෙස හැසිරුණු පුද්ගලයා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකයකු මෙන්ම ශ්‍රී ලංකා හමුදාවේ බලලත් නිලධාරියෙක් ද වේ. අප ලෝකයට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව විනය ගරුක හමුදාවක් ලෙස ය. එහෙත් ඇස්පනාපිට සිදුවන මෙවැනි රංගනවලින් අප තවදුරටත් අපේ ආරක්ෂක හමුදා ආරක්ෂා කරන්නේ කෙසේද? සතුරා පිරිස් බලය සමඟ අවි අමෝරාගෙන පැමිණේ නම් අප කළ යුත්තේ වැදි සේනාව අබියස මනමේ කුමරු මෙන් හැසිරීම නොවේ; උපාය මාර්ගිකව කටයුතු කිරීම ය. අනෙක විරෝධතාවේ යෙදෙන පාර්ශ්වය කෙබඳු පිරිසක්දැයි අපට නොව ලෝකයටවත් කිව යුතු නොවේ. ඇත්ත වශයෙන් අපට ලකුණු වැටෙන්නේ ප්‍රතිවාදියා නිහඬ ව සිටින විට නොව ඔහු මේ ආකාර උද්ඝෝෂණවලින් හෝ ප්‍රතිචාර දක්වන විට ය. එය මේ දූත මණ්ඩල නිලධාරීන් අවබෝධ කොට නොගැනීම අභාග්‍යයකි.
 
තව ද මහා බ්‍රිතාන්‍යය වැනි රටක දූත මණ්ඩල නිලධාරීන් ඉටු කරන්නේ සෙසු රටක දූතයන්ගේ කාර්යය නොවේ. ඔවුනට, බ්‍රිතාන්‍යයෙන් ම මේ රටට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ඇතුළු නොයෙකුත් චෝදනාවලින් රට රැක ගැනීමේ කුදු මහත් වගකීමක් තිබේ. එසේම රාජ්‍යයේ අර්ථ දැක්වීම මත වුවද ත්‍රස්තවාදයට පිළිතුරු දෙන්නට අන්තර්ජාතික රීති සමුදායක් තිබේ. අපට එය මඟහැර ඉදිරියට යන්නට නුපුළුවන.
 
නිසැක වශ‍යෙන් මෙවැනි හැසිරීම් මගින් ලෝකයාට ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය අශ්ලීල හා මිලේච්ඡ රටක් ලෙස ය. එහෙත් රටේ කීර්ති නාමයට හානි කරන මෙවැනි ක්‍රියා ආස්වාදයෙන් සිහි කරන පිරිසක් ද මෙරට සිටිති. ඔවුන් තෘප්තියට හා ආඩම්බරයට පත් වන්නේ මව්බිමේ කීර්තිය දසත පැතිරෙන විට නොවේ, මව්බිමට කැළලක් ඇති වන විට ය. අප ආරක්ෂාකාරී විය යුත්තේ මෙරටට බැහැරින් නොව, මෙරට ඇතුළතින් ම වී ඇත්තේ සතුරු බලවේග සතර අත පැතිර ඇති නිසාය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ස්වයං නිරුවත් වීම - චාමර ලක්ෂාන් කුමාර
ස්වයං නිරුවත් වීම - චාමර ලක්ෂාන් කුමාර
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/e3a04a2318a72126c14bf5ab9bc0515c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_858.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_858.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy