ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයා අවස්‌ථා දෙකකදී අනුමත කර තිබියදීත් තුන්වැනි ශ්‍රේණියට සිසුවියක ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා වහාම...
ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයා අවස්‌ථා දෙකකදී අනුමත කර තිබියදීත් තුන්වැනි ශ්‍රේණියට සිසුවියක ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා වහාම පෙනී සිටින ලෙස දන්වා නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.
විදුහල්පතිනියගේ එම අසාධාරණ ක්‍රියාකලාපය නිසා පෙත්සම්කරුගේ දියණියට මාස තුනක් තිස්‌සේ පාසලක් නොමැතිව නිවසේ සිටීමට සිදුවී ඇති බව පෙන්වා දෙමින් පෙත්සම්කාර අසංක ක්‍රිස්‌ටෝපර් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්‍ෂාන් ඩයස් මහතා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හා ප්‍රීති පද්මන් සූරසේන යන ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි පී. එන්. රාජපක්‍ෂ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ජාතික පාසල් අධ්‍යක්‍ෂ, අධ්‍යාපන අමාත්‍යවරයා හා නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.
COMMENTS