දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අගමැතිගේ නවසීලන්ත ගමනට පාරකැපුනෙ මෙහෙමයි.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම විෂයයෙහි, වත්මන් යහපාලන රජයට ඇති පරිචය යළිදු වතාවක් පෙන්නුම් කරමින් නවසීලන්ත රාජ්‍ය නයකයා ලංකාවට   පැමිණි...


රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම විෂයයෙහි, වත්මන් යහපාලන රජයට ඇති පරිචය යළිදු වතාවක් පෙන්නුම් කරමින් නවසීලන්ත රාජ්‍ය නයකයා ලංකාවට   පැමිණියේ මේ (2016)වසරේ පෙබරවාරි මාසයෙදීය.එය වත්මන් නවසීලන්ත අගමැතිවරයාගේ පලමු නිළ රාජතාන්ත්‍රික ලංකා සංචාරයද විය.එහිදි ජෝන් කී මහතාගේ පරිවාර අමත්‍යවරයා වශයෙන්  කටයුතු කලේ වත්මන් විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාය..වත්මන් රජය බලයට ගෙන ඒමට මුල් වෙඩිමුරය තැබූ හරින් ගැන අගමැති රනිල් ජෝන් කීට කියා සිටියේ ද  මේ ඉන්නේ දේශපාලන තරගයේ වත්මන් තරගෙයේ වීරයා බවයි.එමෙන්ම  නවසීලන්ත අගමතිවරයා ගේ පළමු නිළ සංචාරයේදීම ඔහු අපට ලබදුන් බලාපොරොත්තු විශාලයි.

එහි ප්‍රතිපළයක් වශයෙන් එතුමාගේ තෙදින නිළ සංචාරය අවසන් වීමත් සමග විශේෂ අරාධනයක් එතුමා විසින් කලේය.ඒ පරිවාර අමත්‍ය භාරව කටයුතු කල හරින් ප්‍රනාන්දු මහතාට එරට නිළ සංචාරයකට ඇරයුම් කරමිනි.එහි මූලික අවශ්‍ය තාවය වූයේ දෙරට නායකයින් ලංකාව තුලදි සකච්ඡ කරගත් ඉදිරි වැඩ පිලිවෙල සම්බන්දයෙන් මූලික පියවර තැබීමටය.ඊට ඔහු හරින් අමත්‍ය වරයා තෝරා ගත්තේද වත්මන් අගමැති රනිල් වික්‍රම සිංහ මහතගේ විශ්වාසය සහ එතුමාඅ විසින් හරින් පිලිබදව නවසිලන්ත  අගමැතිවරයාට තරග්යේ වීරයා යනුවෙන් දුන් නිර්දේශය නිසාමය.එහිදි ජෝන් කෙරී මහතා කියා තිබුනේ ද තරගයේ වීරයම එහෙනම් මේ වැඩේ පටන් ගන්න මුලින්ම එන්න කියාය.

එහි ප්‍රතිපලයක් වශයෙන් ඉන් මාස කිහිපයකට පසු විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය වරයා  නවසිලන්ත අගමැතිවරයාගේ ආරාදනය පරිදි එරට දින 4ක නිළ සන්චාරයක නිරත විය.එහිදී නවසිලන්ත විදේශ කටයුතු අමාත්‍යාවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සමග ද, ආර්ථික සංවර්ධන අමාත්‍ය වරයා සමග ද,සාර්ථක සාකච්චා වා කිහිපයක්  එරට පාර්ලිමෙන්තු සංකීර්ණයේ පැවැත්විනි.එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 70% ක් කෘෂිකර්මාන්තය හරහා අදායම් උපයන හේතුවෙන් ඒ සම්බන්දයෙන් කිරි නිෂපාදනය ද නව තාක්ෂණික උපාය මාර්ග හරහා සහ ඒ සම්බන්ද තාකශනික අධ්‍යාපනය වැඩි දියුණු කිරීම උදෙස ෆොන්ටෙරා ආයතනයත්, විශ්වවිද්‍යලයත් සමග අනාගත ආයෝජන පිළිබද සාකච්චා විය.තවද ඒ හරහා නව තාක්ෂණික අධ්‍යාපනික ක‍්‍රම මගින් තරුණ, තරුණියන් කෘෂිකර්මන්තයට ඇතුලත් කරගනිමින් වඩාත් ඵලදායි සහ සාර්ථක කෘෂිකර්මාන්ත ව්‍යහයක් ඇති කර ගැනීම පිලිබදව පලමු වටයේ සාකච්ඡා කල බව සදහන් විය.නවසීලන්තය රගර් ආයතනයේ ආරාධනය පරිදි එහි ගිය අතර එහිදී ශ‍්‍රී ලංකා රගර් ක‍්‍රිඩා ජාත්‍යන්තර තලයට ගෙනයෑමට අවශ්‍ය කරන තාක්ෂණික සහ පුහුනු කරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සහ ශ‍්‍රී ලංකා පුහුණුකරුවන් ජාත්‍යන්තර තලයේ පුහුණු කරුවන්බවට පත්කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් ද සාර්ථක සාකච්චාවක් පැවැත්වූ බව සදහන් විණි.
සිව් දින චාරිකාව අවසානයේ අමත්‍ය වරයා මෙරටට පැමින මේ පිලිබදව මුල් වෙඩි මුර තැබීය.විශේෂයෙන් රගර් ක්‍රිඩාව සමබන්ධයෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක් කිරීමටද කටයුතු කල අතර තමන්ට  නවසීලන්තයෙන් ලැබුන රගර් ජර්සිය අලෙවි කර ඉන් ඉසිපතන විද්‍යලයේ රගර් අනාගතය වෙනුවෙන් යොදවනු ලැබීය.
ඉන් අනතුරුව 
 යලි පසුගියදාඅ එරට අගමැතිවරයගේ ආරාධනයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමත්‍ය වරය සමග හරින්ටද නිළ සංචාරයක් සදහා යලි නවසීලන්තයෙන්  ආරාධන ලැබුනි.ඊට සාගල රත්නයක අමත්‍යවරයාද හර්ශ ද සිල්වා අමත්‍ය වරයද සහභාගී විය.එහිදී දෙරට අතර විශේෂ වැදගත් කමකින් යුත් ගිවිසුම් රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා විය.
එම සංචාරයෙදි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඇතුළුව ජාතික සංහිදියා වැඩපිළිවෙළ නවසීලන්තයේ ඇගැයීමට ලක්වන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ඔස්සේ සාමකාමී සංවර්ධිත රාජ්‍යයක් කරා නිවැරදි ගමන් මගකට අවතීර්ණ වී ඇති බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ප්‍රකාශ කල බව සදහන් වෙයි.
පසුගියදා (2016.10.1) උදෑසන නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර රාජ්‍ය මන්දිරයේ පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත ද්විපාර්ශවික සාකච්ඡාවලින් පසුව ජනමාධ්‍ය අමතා ජෝන් කී මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කෘෂිකර්ම, සත්ව ගොවිපොල, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර ගණනාවක පමණක් නොව රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දීමට නවසීලන්තය කටයුතු කරන බවය.එය පළමු නිළ සංචාරයේදී එතුමා විසින් අමත්‍යැ හරින් ප්‍රනන්දු මහතට දුන් පොරොන්දුවක් ඉටු කිරීමකි.
කලාපීය හා ජාත්‍යන්තර සංසඳවලදී ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ක්‍රියාශීලී දායකත්වය අගය කළ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා දෙරට අතර එළැඹෙන එකඟතා සහ ගිවිසුම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීම දෙපාර්ශවයේම අභිප්‍රාය බව ද පැවසීය..
මෙහිදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා  පෙන්වා දුන්නේ, ලෝකයේ විවිධ රටවල් සමග ද්විපාර්ශවික ගිවිසුම් වලට එළැඹිම රටක සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් වන අතර එවැනි ගිවිසුම් සියයට සියයක්ම ක්‍රියාත්මක කරලීමෙන් අදාළ පාර්ශවයන් දෙකටම ජයග්‍රාහී ප්‍රතිඵල අත්පත් කර ගත හැකි බවය
නව ව්‍යවස්ථා සම්පාදන කාර්යයේදී ශ්‍රී ලංකාව දැනට නවසීලන්තයේ සාර්ථකව ක්‍රියාත්මක වන මිශ්‍ර අනුපාත ක්‍රමය පිළිබඳව අවධානය යොමු කර ඇති නිසා, එම ක්‍රමය පිළිබඳව ශ්‍රී ලාංකේය ව්‍යවස්ථා සම්පාදකයින් දැනුවත් කරලීමේ වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට නවසීලන්තයට පැමිණ අධ්‍යයන චාරිකාවක යෙදීමේ අවකාශය සලසාදීමටත්, නවසීලන්ත මන්ත්‍රීවරු ශ්‍රී ලංකාවට ගෙන්වා වැඩ මුළු කීපයක් සංවිධානය කිරීමටත් කටය්තු කරන බව දෙරටේම අගමැති වරයින්ගේ අවධානයට යොමුවිය.
එමෙන්ම දේශීය වෘක්‍ෂලතා ආරක්‍ෂා කරලීම සහ වන සත්ත්ව සුභසාධනය හා සංරක්‍ෂණය සම්බන්ධව නවසීලන්තයේ විශේෂඥ සහාය ලබා ගැනීමටද කටයුතු කරන අතර 2050 වන විට කලාපීය මෙහෙයුමෙහි ප්‍රධාන කොටස්කරුවෙකු වී යළිත් අතීත අභිමානය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට කැපවී කටයුතු කිරීමේ හැකියාව යලි ලංකාවට ලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කලේය.
තවද මෙමෙ සංචාරයේදී ව්‍යපරික ප්‍රජාව සමග විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදි  ඉන්දීය සාගරයේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වන ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගන්නා ලෙස ශ්‍රී ලංකා හා නවසීලන්ත ව්‍යාපාරික ප්‍රජාව හමුවෙදී අගමැතිවරයා කියා සිටියෙය.
ඉන් අනතුරුව පැවති ප්‍රජාහමුවකට ඕක්ලන්ඩ් නුවර  ඇල්බට් කන්දේ යුධ ස්මාරක ශාලාවේ පැවති ලාංකේය ප්‍රජා හමුවකට සහභාගී  වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අපේ ආගම, අපේ ජාතිය ගැන ආඩම්බර වෙමින්, ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත් ඒ සමගම ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එකමුතු ව කටයුතු කල යුතු බවයි.

මෙම සංචාරය තුලින් ලංකාවේ අධ්‍යපනයට තාකශනය ආර්තිකයට මහත් සේ වැදගත් වෙන තීරණ රැසක් ලැබීමට නියමිත බව සදහන් වෙයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිගේ නවසීලන්ත ගමනට පාරකැපුනෙ මෙහෙමයි.
අගමැතිගේ නවසීලන්ත ගමනට පාරකැපුනෙ මෙහෙමයි.
http://ift.tt/2cWycKP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy