අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) දින සිදු කෙරෙයි. ශ්‍රී සා...
අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) දින සිදු කෙරෙයි.
ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කර ඇති අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ශ්‍රී දේහය අද පස්වරු 2.00ට අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානය වෙත වැඩම කරවීමට නියමිතය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ විහාරාධිපති අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අපවත් විය.
අපවත් වන විට උන්වහන්සේ 80 වැනි වියෙහි පසු විය.
COMMENTS