දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දයා ගමගේ ආයෙත් ඡන්ද නීති කඩලා !
Homeප්‍රවෘත්ති

දයා ගමගේ ආයෙත් ඡන්ද නීති කඩලා !

PropellerAds

සි යයකට අධික සමෘද්ධි කළමනාකරුවන් අමාත්‍යාංශයට කැඳවා රුපියල්ල ක්ෂ දහය බැගින් වූ චෙක්පත් ඇමැති දයා ගමගේ අතින් බෙදාදීමට සැලසුම් කර ඇති බවට මැත...

කොකේන් ගහන පිරිසගෙන් කිහිපදෙනක් රන්ජන් ලැයිස්තුව අතේ තියන් හෙලි කරයි - රාජපක්ෂ පුතුන් ඒ අතර නැහැ (VIDEO)
දුරකථන වංචාකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට
"දහම් පාසල අනිවාර්යය කළ යුතුයි - නමට බෞද්ධකම වැඩක් නෑ" - මහින්ද
සියයකට අධික සමෘද්ධි කළමනාකරුවන් අමාත්‍යාංශයට කැඳවා රුපියල්ල ක්ෂ දහය බැගින් වූ චෙක්පත් ඇමැති දයා ගමගේ අතින් බෙදාදීමට සැලසුම් කර ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු තොරතුරකට අනුව, කොමිෂන් සභාවේ නිලධාරීහු පොලිසියද කැටුව ඊයේ (21දා) උදේ එම ස්ථානය වටලා තිබුණා.

ජනාධිපතිවරණයේදී මෙතෙක් අනාවරණය වූ මහා පරිමාණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය තුළ සිදුකෙරෙමින් තිබියදී මෙසේ අල්ලා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව සමත් වී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එහි යන අවස්ථාව වන විට සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකුත් එම ශාලාව තුළ රැඳී සිටියා.

මැතිවරණ නිලධාරීන් එකී චෙක්පත් බෙදාදීම අත්හිටුවා තහනම් නියෝගයක් පනවා ඇති අතර චෙක්පත් ලබාගැනීමට පැමිණි සමෘද්ධි කළමනාකරුවන්ගෙන් හා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්ද සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වනවා.

බත්තරමුල්ල “සුහුරුපාය” තුළ සමෘද්ධි අමාත්‍යාංශයට අදාළ සියලුම අංශවල නිලධාරීන්ගෙන් මැතිවරණ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගනිමින් ඊයේ සවස්වනතුරුම පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ බව දැනගන්නට ලැබෙනවා.

මෙසේ චෙක්පත් බෙදාදීම අදියර කිහිපයකින් සිදුකිරීමට සැලසුම් කර තිබුණු බව එකී පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙහිදී පත්වීම් ලිපි ඇතුලත් ෆයිල් කවර 20කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර එම කාර්යාලයේ කාමර කිහිපයක් සීල් තැබීමටද වැටලීම් කණ්ඩායම කටයුතු කළ බව සඳහන්.

අත්අඩංගුවට ගත් පත්වීම් ලිපි ‘සමෘද්ධි බැංකු පරිගණක නිලධාරි’ තනතුරට අදාළව සකස් කර තිබී ඇති අතර ඊට අදාළ ඉල්ලුම්පත්වල සඳහන් දිනයට කලින් දාතම යොදා පත්වීම් ලිපි සකසා තිබූ බවද මෙහිදී අනාවරණය වුනා.

මෙම ක්‍රියාවලියට සම්බන්ධ සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම කැබිනට් පත්වීමක් නිසා මැතිවරණ නීති උල්ලංඝනය කළ ඔහුගේ එම පත්වීම වහාම අවලංගු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කැබිනට් මණ්ඩලය වෙත දැනුම්දීමටද තීරණය කර තිබෙනවා.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර මහතා, සමෘද්ධි හිමිකම්පත්‍ර ලක්ෂ අටක් මුද්‍රණය කර ඒවා බෙදාහැරීමට කටයුතු කරමින් සිටියදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එහි ගොස් ඉකුත් සෙනසුරාදා දහවල් ඒවා අල්ලා ගනු ලැබුවා.

ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු අද ආරම්භ කර තිබියදී සමෘද්ධි අධ්‍යක්ෂවරයා එම උණුසුම පහව යන්නටත් පෙර පැය 48ක් තුළ ඊයේ දෙවැනි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් “මව්බිම”ට පැවැසුවා.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකර ඇති මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ වාර්තාවක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කෙරෙමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

ජේ.ටී.ද සිල්වා


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දයා ගමගේ ආයෙත් ඡන්ද නීති කඩලා !
දයා ගමගේ ආයෙත් ඡන්ද නීති කඩලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitRYS54V2Mf5h44akBNHaAFVJW6s6Di6Im8XKCGCk3_wgMVPPGPKWIMk6pcLFjZSXKhz1GtLujVfE2r00gJG5I7pwcm4DhJNOIkznT7W1LGRxanHBDYTGhe36Gh19_J8ZGnAjuST-f0NCY/s320/daya-gamage.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitRYS54V2Mf5h44akBNHaAFVJW6s6Di6Im8XKCGCk3_wgMVPPGPKWIMk6pcLFjZSXKhz1GtLujVfE2r00gJG5I7pwcm4DhJNOIkznT7W1LGRxanHBDYTGhe36Gh19_J8ZGnAjuST-f0NCY/s72-c/daya-gamage.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_404.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_404.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy