මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වූ ප‍්‍රතිපල ලබා ගන්නට නොහැකි වුවත් පෙර පැවැති ඡන්ද හා සැසඳීමේ දී ඡන්ද ප‍්...
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වූ ප‍්‍රතිපල ලබා ගන්නට නොහැකි වුවත් පෙර පැවැති ඡන්ද හා සැසඳීමේ දී ඡන්ද ප‍්‍රමාණය හා මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව වැඩි වී ඇතැයි ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කරයි.
ඡන්ද ප්‍රතිඵල අනුව ජනතාව විසින් ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව පෙනී යන බව ද ඒ මහතා කියයි.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ ජවිපෙ මුලස්ථානයේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
‘‘ 2011 හා 2015 වසරවල පැවති මැතිවරණවලදී ලැබූ ප‍්‍රතිපල හා සැසඳීමේ දී ජවිපෙ සැලකිය යුතු වර්ධනයක් අත් පත් කරගෙන තියෙනවා. පළාත් පාලන මැතිවරණය පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. ජනතාව ආණ්ඩුවෙන් අපේක්ෂා කළ කාර්ය භාරය සිදුවී නැහැ. ආණ්ඩුව ඉදිරිපත් කළ ක්‍රියාමාර්ග අසමත්. ආණ්ඩුවේ ක‍්‍රියා මාර්ග කිසිසේත්ම ජනතාව පිළි අරගෙන නැහැ. 2015 ජනවාරි 8 වැනිදා පත්වු ආණ්ඩුවේ ගුණ අගුණ මැන බලන ඡන්දයක් ලෙස මේ මැතිවරණය හඳුන්වා දිය හැකියි. ජනවාරි අටවැනිදා පරාජයට පත් කළ දුෂ්ඨ බලවේග, මහජන දේපල තමන්ට ඕනැ විදියට පරිහරණය කළ බලවේග, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කිසිසේත්ම මායිම් නොකර බලය වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න සුදානම් බලවේග ඒ වගේම රටේ යම් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න කටයුතු කළ බලවේග රටේ තිබුණා.ඒ බලවේග යළි ගෙන එන්න ජනතාව කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් රාජපක්ෂ බලවේග යළි ගෙන එන්න කටයුතු කර තිබෙනවා.”
“ජනතාව පැත්තෙන් කල්පනා කර බැලූවොත් මෙතැන් සිට දිගහැරෙන දේශපාලන ක්‍රියාදාමය අනුව මේ පළාත් පාලන ආයතන වලින් සිදුවන ජනතා සේවයට මේ ආයතනවල පාලනය බලපෑම් කරනවා. අපි හිතන්නේ ජනතාවටත් මේ ගැන වගකීමක් තිබෙනවා. එසේ නම් මේ වැනි අපරාධකාරි කණ්ඩායමක් යළි ගෙන එන්න කටයුතු කිරීම තුළ ඇතිවිය හැකි හානියට ජනතාවටත් අත් හැරිය නොහැකි වගකීමක් තියෙනවා. පොදුවේ අපේ රට අවුරුදු 70 ක් පාලනය කරල තියෙන්නේ මේ දෙපක්ෂය විසින්. ආර්ථිකය කඩා වැටීමට මේ අය බලයට පැමිණිම හේතු වෙනවා නම් පොදු ජනතාවටත් වගකීමක් තිබෙනවා මොවුන් පත් කීරීම ගැන.“ යැයි ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
COMMENTS