දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය : නාමල් කුමාරගේ දුරකතනයේ මැකු හඬපටවල වාර්තාවක් අධිකරණයට
Homeප්‍රවෘත්ති

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය : නාමල් කුමාරගේ දුරකතනයේ මැකු හඬපටවල වාර්තාවක් අධිකරණයට

PropellerAds

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකතනයේ මකා දමන ලද හඬපටවල හොංකොං රාජ්‍යයේදී නැවත ලබාගත් හඬපටවල දත්ත ඇතුළත් පිටු 1...

'පොලිස්පති නමනවා - නාවික හමුදාපති තලනවා' 
ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල කප්පාදුවට උතුරෙන් යෝජනාවක්‌
සීමානීර්ණ වාර්තාව ඉල්ලා අමාත්‍යංශ ලේකම්ගෙන් කමිටු සභාපතිට ලිපියක් 
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය : නාමල් කුමාරගේ දුරකතනයේ මැකු හඬපටවල වාර්තාවක් අධිකරණයට

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකතනයේ මකා දමන ලද හඬපටවල හොංකොං රාජ්‍යයේදී නැවත ලබාගත් හඬපටවල දත්ත ඇතුළත් පිටු 14 ක ලිඛිත වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ, ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් ලබන මස 13 වැනි දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මේ අතර මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ හා ශෂී වීරවංශ යන මහත්ම මහත්මීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට වෙන් වෙන්ව කැඳවා ප්‍රකාශ තුනක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ, මෙම ඉන්දීය ජාතිකයා තමා හමු වී ඇද්දැයි යන්න පිළිබඳව තමාට මතකයක් නොමැති බවයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ශෂී වීරවංශ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ සිය නිවසට පැමිණ ඇති බවයි.

එම ඉන්දීය ජාතිකයා තම නිවසට පැමිණ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට තර්ජනයක් ඇති බවට දැනුම් දී තිබේ.

එම අවස්ථාවේ ශෂී වීරවංශ මහත්මිය පවසා ඇත්තේ, විමල් වීරවංශ මහතා නිවසේ නොමැති බවත් ඔහු කාර්යාලයට ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයට ද ගොස් ඇති බවත් එහිදී මොහොමඩ් මුසාම්මිල් මහතා හමුවී ඇති බවත් ශෂී වීරවංශ මහත්මිය හා විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති බව අද අධිකරණයේදී අනාවරණ විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය : නාමල් කුමාරගේ දුරකතනයේ මැකු හඬපටවල වාර්තාවක් අධිකරණයට
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය : නාමල් කුමාරගේ දුරකතනයේ මැකු හඬපටවල වාර්තාවක් අධිකරණයට
http://am.lk/media/k2/items/cache/636d2f860fe5eb4b8a070d9e09bfbd46_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_457.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_457.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy