දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීදේවී දිවිගමනින් සමු අරන්...
Homeගොසිප්

ශ්‍රීදේවී දිවිගමනින් සමු අරන්...

PropellerAds

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. මිය යනවිට 54 වැනි වියෙහි පසු...

දීපා එදිරිසිංහ ශ්‍රීලනිපයෙන් කොළඹට.
පවුල් සමාගමක් : ඩඩ්ලිත් දේශපාලන කරළියට?
ශ්‍රී ලංකන් මිලදී ගැනීමට ජපන් ගුවන්සේවය කැමැත්තෙන්?

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී පවුලේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී ඩුබායි හිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇගේ ඥාතීහු පවසති.

වයස අවුරුදු හතරේදී චිත්‍රපට රංගන දිවියට පිවිසි ඇය දමිළ, තෙලිඟු, මලයාලම්, කන්නඩ සහ හිංදි යන භාෂාවන්ගෙන් තිරගත වූ චිත්‍රපට රැසකට සිය රංගන ප්‍රතිභාව තිලිණ කළ අතිශය රූමත් නිළියක වූවාය.

ඉන්දීය චිත්‍රපටවල බොහෝවිට දැකිය හැකිවූ වීරත්වයෙන් යුතු පුරුෂයා අභිභවා තම චරිතය තනිවම චිත්‍රපටය තුළ බොක්ස් ඔෆීස් වාර්තා දක්වා ඉහළට එසවූ රංගන ශිල්පිනියක ලෙසද ඇය හඳුනාගෙන තිබුණි. එවැනි චිත්‍රපට නිළියන් ඉන්දියාව තුළ බිහිව ඇත්තේ අතලොස්සක් බවද විචාරකයෝ පවසති.

බොනී කපූර් සමග ශ්‍රීදේවී විවාහ වූ අතර, ඇය මියයන අවස්ථාවේදී බොනී මෙන්ම ඇගේ දියණිය කුෂීද සිට ඇති බව ඇගේ ඥාතීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි. ඔවුනට ජාන්වි නමින් තවත් දියණියක වෙයි.

වර්ෂ 1978 දී බොලිවුඩ් තිරයේ ප්‍රධාන චරිතයක් පණ පෙවීමේ වරම් ලද ඇය වැඩි කලයක් යන්නට පෙර ඉන්දියාවේ ප්‍රමුඛතම චිත්‍රපට නිළිය බවට පත්වූවාය.

දශක පහක පමණ ඇගේ රංගන දිවිය තුළ චිත්‍රපට 150කට අධික ප්‍රමාණයකට ජීවය ලබාදුන් ඇය සාද්මා (1983), නාගිනා (1986), මිස්ටර් ඉන්දියා (1987), චාන්දනී (1989) , චාල්බාස් (1989), ලාඩ්ලා (1994) ආදී බොලිවුඩ් චිත්‍රපටවලින් අතිශය ජනාදරයට පත්වූවාය.

වර්ෂ 1997 දී ජුදායි චිත්‍රපටය තිරගත වීමෙන් පසුව චිත්‍රපට ක්ෂේත්‍රයට විරාමයක් ලබාදුන් ඇය 2012 වසරේදී ඉංග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටය සමග යළි සිය රංග ප්‍රතිභාව විදහා දක්වන්නට විය.

2013 වසරේදී ඉන්දීය රජය විසින් එරට සිවිල් පුරවැසියෙකුට ලබාදෙන සිව්වැනි ඉහළම ප්‍රණාම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පවා ශ්‍රීදේවි පිදුම් ලැබුවාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29362,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීදේවී දිවිගමනින් සමු අරන්...
ශ්‍රීදේවී දිවිගමනින් සමු අරන්...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxb_eppy6brai7aioN9k4O5_gyWGQiWQWgjrz61tKWsbK2tCGxPZ3yskpW2mvqxt_u3KSTLSkyUxEdMFNH4PnMqd509THINtLo4lJcKh8lb3PdZMdkuCOkdU-F1zaS_dxk76I7PIf3k8MX/s1600/10sridevi6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxb_eppy6brai7aioN9k4O5_gyWGQiWQWgjrz61tKWsbK2tCGxPZ3yskpW2mvqxt_u3KSTLSkyUxEdMFNH4PnMqd509THINtLo4lJcKh8lb3PdZMdkuCOkdU-F1zaS_dxk76I7PIf3k8MX/s72-c/10sridevi6.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_589.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_589.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy