මේ ආණ්ඩුව හොරු ආරක්ෂා කළ බවත් මේ වන විට හොරු ආණ්ඩුවට කෝචොක් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ ඊයේ (3...
මේ ආණ්ඩුව හොරු ආරක්ෂා කළ බවත් මේ වන විට හොරු ආණ්ඩුවට කෝචොක් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ ඊයේ (31) වව්නියාවේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ජනාධිපතිවරයා පුටුවේ වාඩි වෙන්න කලින් එකක් කියනවා, වාඩි වුණාට පස්සේ වෙන එකක් කරනවා. දැන් පුටුවේ වාඩි වෙන්න කලින් මොකක්ද කිව්වේ? අවුරුදු 5යි ඉන්නේ කිව්වා. විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කිව්වා. පක්ෂයක් නැහැ කිව්වා. අවුරුදු 5 ඉවර වුණාට පස්සේ පොළොන්නරුවේ මහ ගෙදරට ගිහිල්ලා පොතක් බලාගෙන, කුඹුරක් කොටාගෙන ජීවත් වෙනවා කිව්වා. දැන් කොහොමද? මේ ඊයේ පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහනවා මට තව අවුරුද්දක් ඉන්න බෑද? මේ යන්න ආපු කෙනා. මේ දවස්වල පක්ෂයක් බදාගෙන දිනවන්න හදනවා.”
“කවුරු හරි මාධ්‍යවේදියෙක් ඇහුවා ඊළඟ සැරෙත් ඉල්ලනවද කියලා. ඉල්ලන්න වගේ තමයි හිතාගෙන ඉන්නේ. දැන් මේ යන්න ආපු කෙනා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන කොට මොකක්ද කිව්වේ? හොරු අල්ලලා ඒ හොරු හිරේ දාලා හොරුන්ගේ දේපොළ අරගෙන ඒ දේපොළ වලින් ඇති කිව්වා රට හදන්න. රාජපක්ෂලා හොරකම් කරපුවා ඇති කිව්වා රට හදන්න. දැන් ඇල්ලුවද හොරු? හොරු ඇල්ලුවේ නැහැ හොරු ආරක්ෂා කළා. මේ දවස්වල හොරු ආණ්ඩුවට කෝචොක් කරනවා. මේ ළඟදී මම අහගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා එතුමා බලයට ආපුවම හොරු අල්ලනවලු. ඉතින් දේශපාලනය එපා වෙන්නේ නැද්ද? ඒ නිසා ජනතාවට දේශපාලනය තිත්ත වුණා.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS