තමන් චීන ආණ්ඩුව සමඟ කතා කළ බවත් එහිදී තමන් සත්‍ය පැවසු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ පෙරේදා පැවති ජන හමුවකට එක්වෙමිනි...
තමන් චීන ආණ්ඩුව සමඟ කතා කළ බවත් එහිදී තමන් සත්‍ය පැවසු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ පෙරේදා පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපි ඇහුවා ඇයි මේ වරාය හම්බන්තොට හදන්නේ? ආර්ථිකයක් නෑ. ඒ පාර කිව්වා මේ හම්බන්තොට පහු කරලා යන නැව් මෙතනට එයි තෙල් ගහන්න කියලා. කොළඹ රත්නපුර පාරේ නිකන් ඉඩමක් අරගෙන පුරවලා ෂෙඩ් එකක් ගැහුවා කියලා, තෙල් ගහන්න මිනිස්සු නවතින්නේ නැහැ. ගමන යන මිනිහා ආරම්භ කරන කොට තෙල් ගහන්නේ. ඊට පස්සේ ගමන අවසන් කරන කොට තෙල් ගහ ගන්නේ. අවුරුදු 02ක් නැව් නැතුව ගෙනිච්චා. කොහොමද ගෙනිච්චේ? ඒ වරායේ මූලික පොලිය ගෙවන්න කොළඹ වරායේ ලාභය අර ගත්තා. තව ටිකක් අවුරුදු 02ක් ගෙව්වා නම් කොළඹ වරාය සම්පුර්ණයෙන්ම නැති වෙනවා. ඉස්සෙල්ලම ගිහින් චීන ආණ්ඩුව එක්ක කතා කළා. මං ඇත්ත කිව්වා. අපි මේ අමාරුවෙන් ගෙනියන්නේ."
"2017 න් පස්සේ මට ගෙවන්න සල්ලි නැහැ. ඕනේ නම් ඕගොල්ලන්ට කෑලි කෑලි ගලවලා අපහු ගෙනියන්න පුළුවන්. එතනිද තමයි එයාට තේරුණේ රාජපක්ෂ රෙජීමය කරලා තියෙන අපරාධය. දැන් අපේ මහින්ද රාජපක්ෂ ලොකුවට කතා කරනවා. ඒගොල්ලෝ හම්බ කරාට ඇත්ත වශයෙන්ම අපිට පාපේ ගෙවන්න සිදු වුණේ. දැන් ප්‍රධාන වරාය හම්බන්තොට තියෙනවා. හම්බන්තොට විතරක් නෙවෙයි අපෙන් ඇහුව දෙවෙනි අදියරයත් ඒ අවස්ථාවේදී කරන්න ඒ අයට ඉඩ දෙන්න කියලා. ඒකට එකඟ වුණා. ඊළඟ අවුරුදු දෙකේදී අපි තව ඩොලර් මිලියන් 600ක් ආයෝජන කරනවා කියලා කිව්වා. එදා ගිලෙන්න ගිය එක මේ සුදු අලියා අපිට පුළුවන් වෙලා තියෙනවා කොළ අලියෙක් බවට පත් කරන්න අද මේ රටේ ආර්ථිකය ගෙනි යන්න.”යැයිද ඒ වැඩිදුරටත් පැවසීය.
COMMENTS