නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ...
නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.
ඒ අනුව එම අමාත්‍ය ධූරය හිමිවන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට බවට අදහස් පල වී තිබිණි.
කෙසේ වෙතත් අද(15) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.
ඒ අවස්ථාවේදී අදහස් දක්වමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ දොස්තරලා හා පොලීසිය සමඟ එකට වැඩ කළ නොහැකි බවත්, ඉන් එකක් සිදු කරන බවත්ය.
මේ සතිය ඇතුළදී කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට අවධානය යොමු වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS