අද දිනයේ ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත වුව ද අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අද දිනයේදී විදේශ ගත වීමට නියමිතය. ඒ සිදු කිරීමට නියමිත...
අද දිනයේ ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත වුව ද අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අද දිනයේදී විදේශ ගත වීමට නියමිතය. ඒ සිදු කිරීමට නියමිත සංශෝධනයන්ට විරුද්ධත්වය පල කරමිනි.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (25දා) අලුයම 3.00 ට කටාර් ගුවන් සේවයේ Q.R. - 669 දරන ගුවන් යානයෙන් දෝහා බලා පිටත්ව ගොස් තිබේ.
අර්ජුන රණතුංග තමන්ගේ ඇමති ධුරය වෙනස් කලහොත් කිසිදු ඇමති ධුරයක් බාර නොගනු ඇති ඇමතිවරයාගේ සමීප ආරංචි මාර්ග කියා සිටී.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දහවල් 1.55 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි බලා පිටත්ව යෑමට නියමිතය.
අමාත්‍ය සරත් අමුණුගම මහතා අද දින දහවල් 2.35 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L. - 406 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත පිටත්ව යෑමට නියමිතය.
අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අද දහවල් 12.50 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L.- 503 දරන ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත්ව යෑමට නියමිතය.
තිලංග සුමතිපාල ඇමති ධුරය අතහරී
ඇමති ධුරයක් බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තිලංග සුමතිපාල මහතාගෙන් කරන ලද ඉල්ලීමන් ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
තමන් තව දුරටත් නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කිරීමට කැමැති බවත් දුෂිත අමාත්‍යවරුන් සිටින අමාත්‍ය මණ්ඩලයක තමන්ට කටයුතු කිරීමට නොහැකි බව සුමතිපාල මහතා ප්‍රකාශ කල බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙක් Info Sri Lanka News වෙත හෙළි කර සිටියේ ය.
COMMENTS