දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට සමවෙන රාජ්‍ය පාලන ක්‍රමයක් බෑ
Homeප්‍රවෘත්ති

නව ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට සමවෙන රාජ්‍ය පාලන ක්‍රමයක් බෑ

PropellerAds

පාර්ලිමේන්තුව හා සම වන වෙනත් රාජ්‍ය පාලන ක්‍රමයක් නොතිබිය යුතු බවට පාර්ලිමේන්තුව සහ පළාත් සභා අතර සබඳතා පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද අනු...

ජන්දෙ දිනන්න සමහරු පාස්කු ප්‍රහාරයේ තොරතුරු හැංගුවා....අපි ජාත්‍යන්තරයට ආවේ යුක්තිය ඉටු නොවුණු නිසයි - කාදිනල් හිමි පාදුවා නුවර දී කියයි (VIDEO)
විමල්ලා ගම්මන්පිලලා ආයෙත් කරන්න යන සෙල්ලම! අන්තර්වාර මගඩිය-සර්ව පාක්ෂික මගඩිය ගැන සුද්ද සිංහලෙන් ඌවේ සමන්ත කියපු කතාව (VIDEO)
ඉක්මන් මැතිවරණයකට ගොස් ආණ්ඩු වෙනසක් කරගත යුතුයි… මෛත්‍රී මැයි රැළියේ දී කියයි!
නව ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට සමවෙන රාජ්‍ය පාලන ක්‍රමයක් බෑ

පාර්ලිමේන්තුව හා සම වන වෙනත් රාජ්‍ය පාලන ක්‍රමයක් නොතිබිය යුතු බවට පාර්ලිමේන්තුව සහ පළාත් සභා අතර සබඳතා පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද අනුකමිටුවක් විසින් නිර්දේශ කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත් කරනා ලද තත්කාර්ය අනුකමිටුවේ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කළ මෙහෙයුම් කමිටුව විසින් පාර්ලිමේන්තුව සහ පළාත් සභා අතර සබඳතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ අනුකමිටුවේ සාමාජිකයන් ලෙස සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග හා වෛද්‍ය තුසිතා විජේමාන්න යන මන්ත්‍රීවරුන් කටයුතු කළහ.

පළාත් සභා මැති ඇමැතිවරුන් ඇතුළු විද්වතුන්ගෙන් කරුණු විමසා අනුකමිටුව මෙම වාර්තාව සකස් කර තිබේ. ඔවුන් නිකුත් කළ වාර්තාවට අනුව විධායක සහ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගවිය යුතුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය හරහා පවරා ඇති විෂයන් පමණක් සමාලෝචනයට ලක් කළ යුතු බව ද එම කමිටු වාර්තා වේ දැක්වේ.

පළාත් සභා නියෝජිතයන් බේරා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වීමේදී පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයට යෝජනා කර ඇති පරිදි කේවල ඡන්ද ක්‍රමය සහ මනාප ඡන්ද ක්‍රමය මිශ්‍ර වූ සහ එම ප්‍රතිශතයන් යටතේම ගණනය කෙරෙන මිශ්‍ර ක්‍රමයක් සුදුසු බව කාරක සභාවේ මතය වී තිබේ.

ඒ අනුව ඉඩම්, ජනගහනය සහ සංවර්ධනය යන සාධක මත පදනම්ව ජාතික මට්ටමේ සීමා නිර්ණ කොමිෂන් සභාවක් මගින් කොට්ඨාස නැවත සීමා නිර්ණය කළ යුතු බවටද යෝජනා කර තිබේ.

පාර්ලිමේන්තුව හා සම වන වෙනත් රාජ්‍ය පාලන ක්‍රමයක් නොතිබිය යුතු බවට නිර්දේශ කර ඇති කමිටුව උප ජාතික සහ ප්‍රාදේශීය රාජ්‍ය පාලන මට්ටමක් යටතේ පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීම ගැන සැලකිල්ල යොමු කර ඇත.

පළාත් සභා ලැයිස්තුවට අදාළ විෂයන් තීරණය කිරීමේදී ඊට අදාළ පැවැරුම සැලකිල්ලට ගෙන පළාත් අමාත්‍ය මණ්ඩල සංයුතිය සඳහා අවශ්‍ය වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සමාලෝචනය කිරීම සහ ඔවුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යෝජිත සෙනෙට් සභාවේ ස්ථීර සාමාජිකයන් ලෙස සැලකීම සඳහා අවශ්‍ය කරුණු සැලසුම් කළ යුතු බවට ද යෝජනා කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට සමවෙන රාජ්‍ය පාලන ක්‍රමයක් බෑ
නව ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට සමවෙන රාජ්‍ය පාලන ක්‍රමයක් බෑ
http://ift.tt/2ht6dT4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_259.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_259.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy