හැටන් දික්ඔය නගර සභාවේ පාලන බලය ලංකා කම්කරු කොංග‍්‍රසය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටු විමට තිරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ (10) ප...
හැටන් දික්ඔය නගර සභාවේ පාලන බලය ලංකා කම්කරු කොංග‍්‍රසය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටු විමට තිරණය කර ඇති බව වාර්තා වේ.
ඊයේ (10) පැවති පළාත් පාලන මැතිවරණයෙන් කොට්ඨාශ හතකින් මන්ත්‍රීවරුන් හත්දෙ නෙකු තේරී පත්ව තිබේ.
ලංකා කම්කරු කොංග‍්‍රසය මන්ත්‍රී ධූර දෙකක් දිනා ඇති අතර ඔවුන් ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය අනුව බෝනස් මන්ත්‍රී ධූර හතරක් ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ අපේක්‍ෂකයන් කිසිවෙක් ජයග්‍රහණය නොකළත් ඔවුන් ලබා ගත් ඡන්ද ප‍්‍රතිශතය අනුව එම පක්ෂයට බෝනස් මන්ත්‍රී ධූර දෙකක් ලැබී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂක මහතා හා ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගම් තොන්ඩමන් මහතා අතර හැටන් දික්ඔය නගර සභාවේ හා නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ බලය පක්ෂ දෙකට එක්ව පිහිටුවීමට එකඟ වී තිබේ.
හැටන් දික්ඔය නගර සභාවෙත් නුවරඑළිය ප‍්‍රාදේශිය සභාවෙත් පාලන බලය ලංකා කම්කරු කොංග‍්‍රසය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පාලන බලය පිහිටුවිමට තිරණය කර ඇති බව ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු ප්‍රකාශ කර තිබේ.
මේ අනුව එම නගර සභාවේ හා ප‍්‍රාදේශිය සභාවේ සභාපති ධුරය ලංකා කම්කරු කොංග‍්‍රසයටත් උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් ලබා දිමට දෙපාර්ශවය එකගතාවයකට පැමිණ ඇත.
COMMENTS