රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව පුත්තලම් දිස්‌ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා විසින් ගෙන ...
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව පුත්තලම් දිස්‌ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා විසින් ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් එක හෙලා සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බී. රත්නායක මහතා පැවසීය.
ඒ බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (27 ) පැවැති ඒකාබද්ධ විපක්‍ෂ මාධ්‍ය හමුවේදීය.
අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම්ව සිටි නමුත් පුත්තලම් දිස්‌ත්‍රික් එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා කොන්ද කෙළින් තබා ගෙන එම යෝජනාව ගෙන ඒමට සූදානම් වීම ගැන ස්තුතිවන්ත වන බව රත්නායක මහතා පැවසීය.
ඔහු ගත් එම තීරණය හරියාකාරව ක්‍රියාත්මක කරනවාද යන්න ජනතාව ද විමසිල්ලෙන් බලා සිටින බවත් කෙසේ හෝ රංගේ බණ්‌ඩාර රාජ්‍ය ඇමැතිවරයා එම තීරණය මගදී අත්හරින්නේ නම් ඒ යෂ්ටිය රැගෙන ඉදිරියට යෑමට තමන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම සූදානම් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS