LTTE හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ලෙස සංවිධාන ගත වී LTTE සෙවණැලි රටේ ඇති කිරීම මඟින් නැවත ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයක් තිබෙන බවට ජාත්‍යන්තරයට,...

LTTE හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ලෙස සංවිධාන ගත වී LTTE සෙවණැලි රටේ ඇති කිරීම මඟින් නැවත ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයක් තිබෙන බවට ජාත්‍යන්තරයට, මානව හිමිකම් කොමිසමට පණිවිඩයක් ගෙන යන්නට උත්සහ දරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහත පවසයි.
ඊයේ (19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා සදහන් කළේ ත්‍රස්තවාදී ප්‍රශ්නය නැවත ඇති කිරීම තුළින් මුදල් උපයන වැඩපිළිවෙළක් ගෙන යන බැවින් ජනතාව කිසිවකට හසු විය යුතු නැති බවයි.
මේ රටේ යුද අපරාධ ඇති වු බව කියමින් තමන්ගේ ව්‍යාපාරික තත්ත්වය වර්ධනය කර ගැනීමයි මේ සියලු දෙනාගේ අරමුණ. මෙය මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මේ කූඨ උපක්‍රමවලට ජනතාව හසු විය යුතු නැහැ. මෙය වසර ගණනාවක සිට කරන දේවල්. රාජ්‍ය නායකයා තුල පැහැදිලි ස්ථාවරයක් තිබෙන නිසා මේ දේවල් පසුපස යාම පලක් නැහැ. මෙවැනි සංවේදී කාරණා මතු කරමින් මේ තුවාලය නැවත නැවත පාරන්න එපා කියලා අපි මේ කුමන්ත්‍රණවලට සම්බන්ධ අයගෙන් ඉල්ලා සිටිනවා.
මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තරය තුළ මෙන්ම අපේ රට තුළද මේ දිනවල කතා වෙනවා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කරන්න යන විට අපට අපේ රටේ නායකයින්ගේ, සියලු ජන කොටස්වලට අයිති ජනතාවගේ ජීවිත, රණවිරු ජීවිත අපට අහිමි වුණා. රට ආර්ථික වශයෙන් පස්සට ගියා. නමුත් එම ගමනේදී රාජ්‍ය නිලධාරීන්ගේ, දේශපාලන නායකත්වයේ මෙන්ම රණවිරුවන්ගේ කැප කිරීම අපි නිරන්තරයෙන් අගය කරනවා. ඒ අයට අපි ගෞරවය ලබා දිය යුතුයි යන ස්ථාවරයේ අපි ඉන්නවා. හිටපු ජනාධිපතිවරයා හා පවුලේ අය වගේම වර්තමාන ජනාධිපතිවරයා ද මේ ගමනේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ නායකයෙක් ලෙස ජීවිත තර්ජනයකට ලක්ව සිටියා. අවස්ථා පහකදී ජනාධිපතිවරයාගේ ජීවිතය බිලි ගන්නට උත්සාහයක් තිබුණා. එදා ජෙයරාජ් ඇමැතිවරයා වගේ විශාල පිරිසක් අපට අහිමි වුණා. මේ නිසා වත්මන් ජනාධිපතිවරයා රට ඉදිරියේ මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේදීද රටේ ආරක්ෂාව හා රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය නායකයා හා සේනාධිනායක ලෙස කටයුතු කරන බව. රටකට වැදගත් වන්නේ රටේ නායකයාගේ ප්‍රකාශ හා ප්‍රතිපත්තියි. ඒ නිසා එතුමා කිසිදිනෙක රණවිරුවෙක් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යාමට ඉඩ දෙන්නේ නැති බව පුන පුනා ප්‍රකාශ කරද්දිත් අද ඇතැම් අය කවුරු හරි කියන ප්‍රකාශයක් මුලික කරගෙන රණවිරුවන්ට හානි කරන්න යනවා කියලා මතයක් ගෙන යනවා. ජනාධිපතිතුමා පැහැදිලි තීන්දු තීරණ ගත්තා වගේම එතුමා ආරක්ෂක ඇමැතිවරයා ලෙස රණවිරුවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළා. මේ අයගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කර ඒවා විසදන්න කටයුතු කළා. රණවිරුවන්ගේ සුබසාධන කටයුතු, විශ්‍රාම ගැටලු ගැන විසඳුම් මේ වන විට ලබා දීලා තිබෙනවා.
COMMENTS