එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් සමඟ එක්ව ආණ්ඩු පිහිටුවීමට මෙතෙක් තම පක්ෂයට ආරාධනාවක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එහි මහල...
එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් සමඟ එක්ව ආණ්ඩු පිහිටුවීමට මෙතෙක් තම පක්ෂයට ආරාධනාවක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සඳහන් කළේ එවැනි ආරාධනාවක් කුමන හෝ පක්ෂයකින් ලැබුණහොත් සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබදව තීරණයකට එළඹෙන බවයි.
කෙසේ වෙතත් එම සන්ධානයේ දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට අනුව පවතින ජාතික ආණ්ඩුව ශක්තිමත් කිරීමේ උත්සහායක් දෙමළ ජාතික සන්ධානය විසින් ගෙන යන බවයි.
ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සන්ධානය තුළ සාකච්ඡා ආරම්භ වී තිබේ.
මැතිවරණයෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පෙරමුණට පැමිණීමත් මහින්ද රාජපක්ෂ මහතා නැවතත් බලයට පැමිණීමේ වැඩි ඉඩකඩක් පැවතීමත්, එතුළින් උතුරේ අර්බුදයට විසදුමක් මෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහායද වැළකීමේ අවධානමක් පැවතීමත් මත් මත දෙමළ ජාතික සන්ධානය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයින් මූලිකත්වය ගනිමින් සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයින් හා නියෝජිතයින් සමගින් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇත.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතාද යාපනයේ පිහිටි සිය කාර්යාලයේ පෙරේදා විශේෂ සාකච්ඡාවක් කැදවා ඇත්තේද නිකුත් වූ මැතිවරණ ප්‍රතිඵලයට අනුවය.
මෙහිදී සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හා නියෝජිතයින් වෙත අවධාරණය කර ඇත්තේ උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථීර දේශපාලන විසදුම් ගෙන ඒම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරගැනීම ඇතුළු දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් සෙවීමට ඇති එකම ක්‍රියාමාර්ගය පවතින රජය ශක්තිමත් කිරීම බවය.
එමෙන්ම වත්මන් රජය බිදවැටීමට කිසිවිටක ඉඩ නොතැබිය යුතු බවද එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.
ලැබූ ඡන්ද ප්‍රතිඵලය මත ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එජාපය සමගින් එක්ව ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කර සිටින බව එම සන්ධානයේ ආරංචි මාර්ග පැවසී ය.
එමෙන්ම දෙමළ ජනතාවගේ මූලික ගැටළුව විසදීම සදහා දෙමළ ජාතික සන්ධානය හා උතුරේ සෙසු දේශපාලන පක්ෂද සම්බන්ධ කරගැනීමටද කටයුතු කර සිටින බවද පැවසේ.
COMMENTS