සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වූ දහස් සංඛ්‍යාත පිරිසකට මේ වන විට සිය රැකියා අහිමි වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හ...
සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වූ දහස් සංඛ්‍යාත පිරිසකට මේ වන විට සිය රැකියා අහිමි වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. සංචාරක ක්ෂේත්‍රයේ ඇතැම් කණ්ඩායම්වලට ආණ්ඩුවෙන් යම් යම් සහන ලැබුණ ද තවත් පිරිසකට ලැබී නොමැති බවත් ලැබී ඇති මුදල ද ප්‍රමාණවත් නොමැති බවත් ඔහු සඳහන් කළේ ය.
රජය විසින් වාහන කුළියට ගැනීමේ දී මෙම වාහන යම් ප්‍රමාණයක් ද ගන්නේ නම් එය එම වාහන හිමියන්ට යම් සහනයක් වනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේ ය.
එසේ ම කොරෝනා වසංගත තත්ත්වය තුළ විදෙස් සංචාරක කර්මාන්තය ඉදිරියේ දී දුර්වල විය හැකි නිසා දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ යුතු යැයි ද විජිත හේරත් සඳහන් කළේ ය.
පෙරේදා (05) පාර්ලිමේන්තුවේ දී සංචාරක කර්මාන්ත අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

COMMENTS