දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'වෙනස මාරයි : රනිල් හමාරයි' වන ලකුණු!
Homeගොසිප්

'වෙනස මාරයි : රනිල් හමාරයි' වන ලකුණු!

PropellerAds

සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් අතර දැඩි කළකිරීමක් ඇතිව තිබෙන බවත් එය ඉදිරියේදී පක්ෂ අභ්‍යන්ත...

කරන්නන් වාලේ වැඩ කිරිම හෙවත් හණ මිටිය කරතියාගෙන යෑම.
පොළොන්නරුව සූර්ය බලාගාර ව්‍යාපෘතිය Didul ට.
වැසිවනාන්තර සුරකින්නන්ගේ ඉළුක්පොතකන්ද වන වගා ව්‍යාපෘතිය.

සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් අතර දැඩි කළකිරීමක් ඇතිව තිබෙන බවත් එය ඉදිරියේදී පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් බවට පත්වීමේ අවධානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විටත් ඇමති සංශෝධනය සම්බන්ධව පක්ෂයේ ප්‍රබලයින් මේ පිළිබඳ එළිපිට කතාකරන්නට ගෙන ඇති බවත් එය පක්ෂ නායකත්වයට එරෙහි තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

අළු යට ගිනි මතුවෙයි

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය පාලත් පාලන මැතිවරණයෙන් පසුව එජාප නායකත්ව අර්බුදය කරළියට පැමිණි අවස්ථාවේ එය ඉතා අපහසුවෙන් සමනය කරගත් නමුත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය හමුවේ එය පාලනය කරගන්නට නොහැකි ආකාරයට ඉස්මතු වෙමින් පවතී.

අගමැතිට පක්ෂය වැදගත් නෑ

මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය අග්‍රාමාත්‍යධූරය රැකගැනීම හැර පක්ෂයේ උන්නතිය සම්බන්ධව තැකීමක් නොමැති බවත් පක්ෂ නායකත්වයේ මෙම හැසිරීම හේතුවෙන් පක්ෂය ජනතාව හමුවේ දිනෙන් දින හෑල්ලු වෙමින් ඇති බව එජාප ප්‍රබලයින් රැසකගේ අදහස බවට පත්ව ඇති බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

නීතිය හා සාමය අගමැති ගත්තේ මොකටද

එසේම අමාත්‍ය මණ්ඩල සංශෝධනය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරය තුළ පැවති සාකච්ඡාවට පිටින් යමින් පක්ෂ නායකත්වය කටයුතු කර ඇති බවත් නීතිය හා සාමය අමාත්‍යංශය අග්‍රාමාත්‍යවරයා භාරගැනීම කිසිසේත්ම සිදුනොකළ යුතුව තිබු දෙයක් බවට පක්ෂයේ ප්‍රබලයින් රැසකගේ අදහසවී ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම පක්ෂය තුළ තරුණයන්ට සහ දෙවන පෙළ නායකත්වයට ඉදිරියට ඒමට අවස්ථාව ලබාදෙන බව පැවසුවත් සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය තුළ එජාප පාර්ශවයෙන් සිදුව නොමැත්තේද එය බවට අදහසක් පක්ෂ අභ්‍යන්තරයේ කතාබහ වන බව එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

රාජ්‍ය ඇමති වසන්ත කියපු වෙනස මොකක්ද?

25 වනදා අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවූ අවස්ථාවේම වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා ඊට සිය කළකිරීම ප්‍රකාශ කර සිටියේ " කොමඩි නාට්‍යයක් තමයි, ආණ්ඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ" යනුවෙන් සඳහන් කරමින්ය. එසේම "ඒකෙ පළවෙනි කොටස තමයි අද 'ප්ලේ' කළේ. දෙවැනි කොටස ඊළඟ දවසේ 'ප්ලේ' කරයි. හැබැයි !ජනතාව හිනාවෙයි ද? අඬයි ද? ගල් ගහයි ද? දන්නේ නැහැ" යනුවෙන්ද ඔහු පැවසූ අතර එහිදී 'අගමැතිවරයා පදවියෙන් ඉවත් කළ යුතුදැයි' මාධ්‍යවේදියෙකු විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ "ජනතාව බලාපොරොත්තු වූ වෙනස කිසිසේත්ම සිදු නොවූ බවත් "ඒ වෙනස හොඳින් හෝ නරකින් සිද්ධ වේවි " යනුවෙනි.

ඔහුට අමතරව රංජන් රාමනායක සහ අජිත් පී. පෙරේරා අමාත්‍යවරුන්ද තමන්ට පැවරු විෂය සම්බන්ධව තෘප්තියක් නොමැති බව එජාප ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අජිත් පී. පෙරේරා ට මොකක්ද කලේ ?

මේ අතර අජිත් පී.පෙරේරා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප‍්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීම එම අමාත්‍යවරයාට සිදුකළ බලවත් අපරාධයක් බවත් කාගේ කුමන උපදෙස් යටතේ මේ කටයුතු සඳහා එජාප නායකත්වය ක්‍රියාකරනවාද යන්න පක්ෂ ක්‍රියාකාරීන් විමතියෙන් සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

UNP දෙවන පෙළට ඇඩ්රස් නෑ

එසේම බන්දුලාල්, සුජීව, නලින්, හෙක්ටර්, හර්ෂණ ඇතුළු පක්ෂයේ නැගී එන කිසිවෙකු සම්බන්ධව පක්ෂ නායකත්වය සිය අවධානය යොමුකර නොමැති බවත් ඔවුන් බැඳුම්කර සිදුවීමේ සිට අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකළ මන්ත්‍රීවරුන් බවත් මේ හේතුවෙන් එම පිරිස් අතරද පක්ෂ නායකත්වය පිළිබඳ කළකිරීමක් මතුව ඇති බවට දැනගන්නට ඇති බව එම ආරංචිමාර්ග පෙන්වාදෙයි.

එපමණක් නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලය ලැබීමෙන් පසුව කිහිපදෙනෙකු පමණක් නඩත්තු කරමින් සිටින බවත් ඒ හමුවේ පක්ෂය වෙනුවෙන් වෙහෙසෙන කිසිවෙකු සඳහා දේශපාලන අනාගතයක් හෝ ආරක්ෂාවක් නොමැති බැවින් බරපතල පක්ෂ ප්‍රතිසංධානයක් සඳහා මේ වන විට පක්ෂයේ ප්‍රබලයින් අතර සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් එම සාකච්ඡා සාර්ථකවුවහොත් අග්‍රාමාත්‍යවරයාට පක්ෂ නායකත්වය අහිමිවීමේ පැහැදිළි අවධානමක් ඇති බවද එම ආරංචිමාර්ග අවධාරණය කරයි.

මීට වඩා හොඳයි මොකුත් නොකර සිටියානම් - හිටපු ඇමති රවී

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායකද සඳහන් කර සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළාට වඩා සිදු නොකර සිටියා නම් වැදගත් බවය. ජනතාව අපේක්ෂා කල ආකාරයේ කිසිවක් අදාළ සංශෝධනයේදී සිදුව නොමැති බවත් ජනතාවට විහිළු සැපයීමට කටයුතු නොකළ යුතු බවද එහිදී හිටපු අමාත්‍යවරයා පැවසීය.

එසේම පාලිත රංගේ බණ්ඩාර, රංජන් රාමනායක ඇතුළු රැසක් මේ වන විට අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධව සිය විරෝධය එළිපිට දක්වන්නට ගෙන ඇත.

(newstube.lk)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'වෙනස මාරයි : රනිල් හමාරයි' වන ලකුණු!
'වෙනස මාරයි : රනිල් හමාරයි' වන ලකුණු!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzTwpUvuMptu1ni4dk4DOj-w_LhF5QS0PV-6YBum8B5tDFHK7QACI7j6l50-KuJVob0t7FYYV05lKaPdBd6C9-u5mK5IE_HnKOB5xgIcyF0tlVebqiul_-_-K4M3iTkycW5TOXB4em8RcA/s1600/PM+Ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzTwpUvuMptu1ni4dk4DOj-w_LhF5QS0PV-6YBum8B5tDFHK7QACI7j6l50-KuJVob0t7FYYV05lKaPdBd6C9-u5mK5IE_HnKOB5xgIcyF0tlVebqiul_-_-K4M3iTkycW5TOXB4em8RcA/s72-c/PM+Ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_177.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_177.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy