අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් නොවන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ යෝජනාවක් ඇති බව ශ්...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් නොවන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ යෝජනාවක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැතිධූරයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව එම ආරංචි මාර්ග පැවසී ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ.
ජනාධිපති නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ යෝජනාව ද මෙහිදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS