පසුගිය යුගයේ සිදු වූ වංචා, දූෂණ පිළිබඳ සෙවීමට පත් කළ කොමිෂන් සභා වාර්තාවල ඇතුළත් නිර්දේශ ඉදිරියට ක්‍රියාත්මක කරමින් දූෂිත දේශපාලනඥයින්ට දඬ...
පසුගිය යුගයේ සිදු වූ වංචා, දූෂණ පිළිබඳ සෙවීමට පත් කළ කොමිෂන් සභා වාර්තාවල ඇතුළත් නිර්දේශ ඉදිරියට ක්‍රියාත්මක කරමින් දූෂිත දේශපාලනඥයින්ට දඬුවම් ලබා දීමට නම් මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.
ජනතා බලය භාවිතා කරමින් සොරුන් බේරීමට උත්සාහ දරමින් සිටින බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඊයේ (01) පස්වරුවේ බිබිල, මැදගම ප‍්‍රාදේශීය සභා ක්‍රිඩාංගණයේ පැවති ජනහමුවක් අමතමිනි.
ජනහමුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජනතා මුදල් කොල්ල කෑ සහ ජනතා දේපළ විනාශ කළ කිසිවෙකුට සමාව නොදිය යුතු බවයි.
මහ බැංකු මංකොල්ලයට අදාළව රටට අනාවරණය වී ඇත්තේ 2015-2016 කාලසීමාවට අදාළ සොරුන් පිළිබඳ පමණක් වුවත් මේ රටේ අහිංසක කම්කරු ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදල විශාල වශයෙන් විනාශයට පත්ව ඇත්තේ 2008 වසරේ සිට බව කොමිෂන් සභා වාර්තාව පෙන්වා දී තිබෙන අතර ඊට වගකිව යුතු පිරිස කවුදැයි රටේ ජනතාව හොඳින් දන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
COMMENTS