කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ උප ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටී.එම්.එන්.ඩී කරුණාරත්න මහතා ඇතුළු නිළධාරින් පිරිසක් සති තුනක කාලයක් තිස්ස...
කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ උප ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටී.එම්.එන්.ඩී කරුණාරත්න මහතා ඇතුළු නිළධාරින් පිරිසක් සති තුනක කාලයක් තිස්සේ සැකකරු පිළිබඳව ඔත්තු බලමින් සිට ඔහු හෙරොයින් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් රැගෙනවිත් අලෙවි කිරීම සඳහා සඟවාගෙන සිටියදී නිවස වටලා අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
අත්අඩංගුවටගත් සැකකරු සැකකරුගේ බිරිඳ, නැන්දම්මා, නෑනාවරුන් දෙදෙනා සහ මස්සිනාවරුන් දෙදෙනා දෛනිකව හෙරොයින් ජාවාරමේ නිරතවන බව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය පැවසුවේය.
සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 5ක ප්‍රමාණයෙන් කුඩා ප්‍රමාණයේ පැකට් 120ක ප්‍රමාණයක් සැකසිය හැකි බවත් එක් පැකට්ටුවක් රුපියල් 2000-2500ත් අතර මුදලකට ගැණුම්කරුවන්ට අලෙවි කරන බවත් ඔහු ග්‍රෑම් පහේ හෙරොයින් ප්‍රමාණයට අමතරව කුඩා පැකට් සාදා ඒය රන් ආභරණ බහාලන කුඩා පෙට්ටියක දමාගෙන සන්තකයේ තබාගෙන සිටි බව ද පොලිසිය පැවසුවේය. ඔහු එම ඊෂි කෑෂ් මගින් මුදල් ගෙවා ජාවාරම්කරුවෙකුගෙන් හෙරොයින් තොගය මිලදී ගෙන ඇති බවට පොලීසිය පවසයි.
සැකකරු හෙරොයින් අලෙවි කිරීමට අමතරව තදින්ම ඊට ඇබ්බැහිවී සිටින බවත් දිනකට මිලිග්‍රෑම් 200ත් 300ත් අතර ප්‍රමාණයක් භාවිතා කරන බවද පොලිසිය පවසයි. අත්අඩංගුවටගත් සැකකරු හෙරොයින් ජාවාරමේ නිරතවීමේ චෝදනාවට අද (18) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුරාධපුර කොට්ඨාශභාර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ උප ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටී.එම්.එන්.ඩී කරුණාරත්න, පොලිස් සැරයන් 10538 චන්දන, පොලිස් කොස්තාපල්වරුන් වන 38020 රුවන්, 54390 ප්‍රේමතිලක, 61026 ඒකනායක, 68508 විජේසේකර පොලිස් සැරයන් රියදුරු 34218 සුජීව යන නිළධාරින් වැටලීම සිදුකර තිබුණි.
බී.එම්. විජේසූරිය - අනුරාධපුර
COMMENTS