අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පෙබරවාරි මස 8 වන දින පස්වරු 3ට පමණ...
අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පෙබරවාරි මස 8 වන දින පස්වරු 3ට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කර තිබේ.
හස්තියෙකුට ආහාර ලබා දීමට යාමේදී සිදුවූ හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල්ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී තිබේ.
බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හස්තියෙකුට ආහාර ලබාදීමට යාමේදී සිදුවූ හදිසි අනතුරකින් ඊයේ (02) රෝහල් ගත කර තිබිණි.
විමලරතන හිමියන් ඊයේ පෙරවරුවේ විහාරස්ථානයේ මියන්කුමාර නැමති හස්තියාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා විය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන් වහන්සේ මීට සුළු වේලාවකට පෙර අපවත් වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
විහාරස්ථානයේ ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී ඊයේ සිදු වූ අනතුරකින් උන්වහන්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යැවුණි.
එහිදී පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න හිමියන්ට පැය 10ක පමණ ශල්‍යකර්මක් සිදු කළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ශල්‍යකර්මයෙන් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුන් උන්වහන්සේ අපවත් වී ඇති බවද වාර්තා වේ.
COMMENTS