1990 ජූනි මස 20 වනදා සිට වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කරන බව ජනාධිපති මෛතී‍්‍රපා...
1990 ජූනි මස 20 වනදා සිට වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) යාපනයේ පැවති ජන හමුවක් අමතමිනි.
එම මාර්ගය අද විවෘතවීමත් සමග ජනතාව ගමන් කළ යුතු දුර කි.මි 50 කින් පමණ අඩුවනු ඇති බව පැවසූ ජනාධිපතිවරයා කිසිඳු බේදයකින් තොරව යාපනය ජනතාව වෙනුවෙන් ද සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කරන බව සඳහන් කළේය.
රට තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට තමා කැපවී සිටින බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් කළහැකි සෑම කැපකිරීමක් සිදුකරන බව ද පැවසීය.
උතුරේත්, දකුණේත් සියලූ ජනතාව එක්ව තමා ජනාධිපති ධූරයට පත්කර ගත්තේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් කෙරෙහි දැඩි අපේක්ෂා සහගතව බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එම අපේක්ෂාවන් ඉටු කිරිමට ඉකුත් වසර 03 තුළ තමන් සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ද සඳහන් කළේය.
මේ අතර යාපනය අවතැන්වූවන් වෙනුවෙන් ඉඩම් නිදහස් කිරීමේ කටයුතු මේ වන විට සියයට 75 කින් පමණ අවසන් කර තිබෙන අතර, ඉතිරි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ද කඩිනමින් නිමකරන බව ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.
අතුරුදන්වූවන් පිළිබඳ දීර්ඝ කාලයක් පුරා පවතින ජනතා හඬ නැගීම පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ ඒ වෙනුවෙන් ඉහළම සාධාරණය ඉටුකිරීමට තමා කැපවී සිටින බවයි.
එම අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා අතර, ඔවුන්ගේ ඉල්ලීම් අනුව අවශ්‍ය සාකච්ඡා, සොයාබැලීම් සඳහා ඕනෑම අවස්ථාක තමා සූදානම් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
COMMENTS