හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්‍රියා කිරීම වලක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කර තිබේ. ඒ අනුව...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්‍රියා කිරීම වලක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කර තිබේ.
ඒ අනුව අදාළ තහනම් නියෝගය ලබන 23 වන දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළ බව සඳහන් වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී අභියාචානාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.
පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 81 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ගොනු කර ඇති බව අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
COMMENTS