ඊයේ (01) ප.ව 04.30 වන විට පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය වෙත සිදුවීම් 288ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත. මැතිවරණ නීති ...
ඊයේ (01) ප.ව 04.30 වන විට පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය වෙත සිදුවීම් 288ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් යටතේ මහජන දේපළ හා රාජ්‍ය සේවකයින් යොදා ගැනීම් සහ පත්වීම් හා ස්ථාන මාරු කිරීම් 62ක්ද, නීති විරෝධී ප්‍රචාරණ සිදුවීම් 134ක්ද, භාණ්ඩ බෙදා දීම් 12ක්ද, වෙනත් නීති උල්ලංඝනය කිරීම් 13ක්ද වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
එමෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා යටතේ දේපළ වලට හානි කිරීම් 21ක්ද, පහර දීම් හා තර්ජනය කිරීම් 44ක්ද, වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා 02ක්ද වශයෙනි.
මෙම කාල සීමාව තුළ සමස්ත සිදුවීම් 288 වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
COMMENTS