හදිස්සි නොවන ලෙසත් තමා සමඟ 20 දෙනෙකුගෙන් යුත් මන්කත්‍රී ණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂය හා එක්වන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒකාබද්ධ විපක්ෂයට දැනු...
හදිස්සි නොවන ලෙසත් තමා සමඟ 20 දෙනෙකුගෙන් යුත් මන්කත්‍රී ණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂය හා එක්වන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දී තිබේ.
අද (17) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ පොරොන්දුව දී ඇත.
එසේම තමා ප්‍රමුඛ කණ්ඩායම යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වූ පසුව කැබිනට්ටුව බල රහිතවන බවද ඔහු හිටපු ජනපතිවරයාට පවසා ඇතැයි වාර්තා වේ.
දුමින්ද අතුරුදහන්
කෙසේවුවද, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පවසා ඇත්තේ එජාපය හා හවුල් ආණ්ඩුවට අත්සන් කළ ශ්‍රීලනිප මහ ලේකම් හවුල් ආණ්ඩුවෙන් ඉවත්වූ බවට ලිපියක් නොයවන තෙක් එසේ සිදු නොවන බවයි.
මේ අනුව, සුසිල් ප්‍රමුඛ කණ්ඩායම ව්‍යාකූලව සිටින බවත්, යහපාලන ආණ්ඩුව බිඳ දැමීමට අසාර්ථක කුමන්ත්‍රණයක් කර අර්බුදයක පැටලීම සම්බන්ධයෙන් තිලංග සුමතිපාල මහතාට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හා ජනපතිවරයාගෙන් මේ වන විට චෝදනා එල්ලවී ඇති බව පැවසේ.
තිලංගට නියෝජ්‍ය කතා නායක කමත් නැතිවෙයි !
එසේම තිලංග, සුමතිපාල මහතාට නියෝජ්‍ය කතානායක කමත් නැතිවීමේ අවදානමක් මේවන විට ඇතිවී ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
මේ අතර, හිටපු ජනපතිවරයා මේ අවුලට පටලා ලැබූ ජයග්‍රහණයේද වාසි ලබා ගැනීමට අවස්ථාව නොදුන් බවට ක්‍රමන්ත්‍රණයේ ඒකාබද්ධ විපක්ෂයේ හවුල්කරුවා වන මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ද චෝදනා එල්ලවී ඇති බව පැවසේ.
COMMENTS