කිසිදු බලපෑමකට යටත් නොවී පොලිස් නිලධාරීන් තම රාජකාරී කටයුතු සිදු කළ යුතු බවන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. පොලිස්පතිවරයා එසේ පවස...
කිසිදු බලපෑමකට යටත් නොවී පොලිස් නිලධාරීන් තම රාජකාරී කටයුතු සිදු කළ යුතු බවන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
පොලිස්පතිවරයා එසේ පවසද්දී, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පොලිස් නිලධාරීන්ගේ රාජකාරී සඳහා බාධා කිරීමේ සිද්ධියක් ඊයේ (07) වාර්තා විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ ඊයේ පෙරවරුවේ පැවති උත්සවයේ රාජකාරී කටයුතු සිදු කළ පොලිස් නිලධාරියෙකු මෝටර් රථ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ලබා ගෙන තාවකාලික බලපත්‍රයක් ලබා දෙන්නේ ආසන පටි පැළඳ නොසිටීම, මාර්ගය අවහිර වන සේ මෝටර් රථය නැවතීම සහ පොලිස් අණ පිළි නොපැදීම යන කරුණු මුල් කර ගනිමිනි.
එවිට එම ස්ථානයට් පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙරවරප්පෙරුම මහතා පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරමින් නැවත රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබා ගන්නා අයුරුද දැකගත හැකි විය.
COMMENTS