දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති සහගත බව චන්ද්‍රිකා පවසයි [VIDEO]
Homeගොසිප්

දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති සහගත බව චන්ද්‍රිකා පවසයි [VIDEO]

PropellerAds

කාලාන්තරයක් තිස්සේ දෙමළ ජනතාවට රට තුල මුහුණ පෑමට සිදුවී ඇති වෙනස්කම් සලකා බැලූ කල ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ යුක්ති සහගත භාවයක් ඇති බව හ...

ඔබාමා යුවළ ඇරලවන්න ට්‍රම්ප් හෙලිකොප්ටරේ ගාවට ගිහින් මිෂෙල්ට රහසක් කියලා
ට්‍රම්ප් දිවුරුම් දෙනවා බලන්න ක්ලින්ටන් යුවළ අප්සැට් මූඩ් එකේ ආපු හැටි
දිවුරුමෙන් පසු ට්‍රම්ප්ව ඔබාමා ධවල මන්දිරය තුළට පිළිගත් සොඳුරු මොහොත

කාලාන්තරයක් තිස්සේ දෙමළ ජනතාවට රට තුල මුහුණ පෑමට සිදුවී ඇති වෙනස්කම් සලකා බැලූ කල ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ යුක්ති සහගත භාවයක් ඇති බව හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙයි.

සිංහල බහුතරයක් ජීවත් වන පලාත්වලට ලැබී ඇති සංවර්ධනය දෙමළ ජනතාවට ලැබී නැති බව සත්‍යයක් යැයි පිළිගත් දෙවරක් මෙරට විධායක ජනාධිපතිධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, “අපිට කෙරෙන්නේ නැත්තම් අපිට වෙනත් රටක් දෙන්න,” යනුවෙන් දෙමළ ජනතාව රජයෙන් ඉල්ලීම සාධාරණ බව සඳහන් කළාය.

ඇගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් පවත්වනු ලබන “සහෝදර පාසල්” ශිෂ්‍ය කඳවුරෙහි 9 වැනි අදියර අවසන 22 සඳුදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයදී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිනිය කියා සිටියේ ශ්‍රී ලංකාව කුඩා රටක් වුවත්, විශාල ජනගහනයක් නොමැති වුවත් දශක ගණනාවක් බෙදී වෙන්ව ජීවත්වූ ජන කොටස් එකිනෙකා හඳුනා නොගැනීම යුද්ධයක් දක්වා දිග්ගැසුනු බවයි.

ආගම් හතරකට අයත් ජාතීන් හතරක් මෙරට ජීවත් වුවත් එකිනෙකා සමග කිසිදිනක කතා කර නොමැති අතර රටක භයානක ගැටුම් ඇතිවීමට එයම ප්‍රමාණවත් බව හිටපු ජනාධිපතිනියගේ අදහසයි.



ප්‍රභාකරන්ගේ පැමිණීම

රටේ භයානක යුද්ධයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව එකිනෙකාගේ භාෂාවල් කතා කිරීමට නොහැකියාව බවට ඇය මාධ්‍ය හමුවේදී තරයේ විශ්වාසය පළ කළාය.

“එහෙම නැතිවුණා නම් මේ රටේ ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවෙන්න තිබුනා.”

දෙමළ, මුස්ලිම් ප්‍රෙද්ශවලට සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වුයේද අසමානතාවයෙන් යුතුව බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක පිළිගත්තේය.

ජාතීන් අතර නැතිවි ගිය වැටහීම ගොඩනගා ගැනීම සදහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික සංහිදියාව හා කාර්යාංශය එම කටයුතු මේ වන විට  සිදු කරගෙන යන බව ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

ජාතික සමගිය හා සංහිදියාව සම්බන්ධයෙන් ක්‍රියාකළ හැකි දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් පළාත් මට්ටමින් ඇති කිරීම තුලින් ඔවුනොවුන්ගේ සමාජයන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීම “සහෝදර පාසල්” වැඩ සටහනෙහි අරමුණ වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29341,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති සහගත බව චන්ද්‍රිකා පවසයි [VIDEO]
දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති සහගත බව චන්ද්‍රිකා පවසයි [VIDEO]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrne722nBjixVjvn936lMIr3K2oKOYBgvYdKyVgmuP2YNKSXxPSl0A2ncfvz5bCD2NJal_KmbmarkvE7x7O7D80YfgPKgubSMrdvnatv4S51Y0VenG-n-p5oC8H5lqNIzxTxx73CwnEERs/s1600/chandrika-sahodara-pasal-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrne722nBjixVjvn936lMIr3K2oKOYBgvYdKyVgmuP2YNKSXxPSl0A2ncfvz5bCD2NJal_KmbmarkvE7x7O7D80YfgPKgubSMrdvnatv4S51Y0VenG-n-p5oC8H5lqNIzxTxx73CwnEERs/s72-c/chandrika-sahodara-pasal-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/video_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/video_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy