පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නීතියට අදාළ කරුණු සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් කරන පදනම් විරහිත ප්‍රකාශ ක...
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නීතියට අදාළ කරුණු සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් කරන පදනම් විරහිත ප්‍රකාශ කිසිදු සොයා බැලීමකින් තොරව ප්‍රසිද්ධ කිරීම තහනම් කරමින් මැතිවරණ කොමිසම ඊයේ (10) නිවේදනයක් නිකුත් කළේය.
මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව කරන අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ නිදහස්, සාධාරණ හා විශ්වාසනීය ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා කොමිෂන් සභාව ගන්නා වෑයටම බාධාවක් බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව කරන ප්‍රකාශයක් හෝ විවේචනයක් ප්‍රසිද්ධ කිරීමට හෝ විකාශය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස් ජනරාල්, ලේකම්, පාර්ලිමේන්තු මැතිවරණ විෂයභාර අතිරේක කොමසාරිස්, මාධ්‍ය විෂය භාර අතිරේක කොමසාරිස් හෝ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම භාර අතිරේක කොමාසාරිස් විමසීම සිදුකළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
නිදහස් හා සාධාරණ මෙන්ම විශ්වසනීය ඡන්ද විමසීමක් පැවැත්විය හැක්කේ ඒ සඳහා ජනමාධ්‍යවල සහාය ලැබේනම් පමණක් බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සනින් යුත් එම නිවේදනයේ දැක්වේ.
COMMENTS