මහ බැංකු බැඳුම්කර පරීක්ෂණ වාර්තාව සහ බරපතල වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව ලබා දෙන්නැයි ජනතා විමුක්ති ...
මහ බැංකු බැඳුම්කර පරීක්ෂණ වාර්තාව සහ බරපතල වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව ලබා දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (02) ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කළේය. ඒ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වන ජනාධිපති අතිරේක ලේකම් වී.කේ.එස්. රවීන්ද්‍ර මහතා වෙත එම ඉල්ලීම ඇතුළත් ලිපිය භාර දී තිබිණි.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස අදහස් දැක්වීය.
“මහ බැංකු බැඳුම්කර වංචාව වැනි රටේ ආර්ථිකයට බරපතල හානියක් සිදු කරන ලද වංචාවක් එසේ කුණු කූඩෙට යාමට ඉඩ නොදිය යුතුයි. මේ සඳහා මේ ආණ්ඩුවේ ප්‍රබලයන් ගණනාවක් සම්බන්ධයි. විශේෂයෙන් අපි හිතනවා මේ බැඳුම්කර ගණුදෙනුව පිටිපස්සේ අගමැතිවරයාගේ විශාල භූමිකාවක් තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේ ඉදලා කෝප් කමිටු වාර්තාවට එරෙහිව උසාවි යාම දක්වා වෙච්ච සමස්ත ක්‍රියාවලිය තුළ අගමැතිවරයා ඉන්නවා. ඒ නිසා බැදුම්කර කොමිසමේ හෙළිදරව් වන කරුණු වලට සාධාරණයක් ඉටු වන පරිදි මේ නිර්දේශ ඇතැයි කියලා අපි හිතනවා. කෙසේනමුත් ඒ නිර්දේශ බලා ගන්න වෙන්නේ ජනාධිපතිවරයා විසින් මේ වාර්තා ප්‍රකාශයට පත් කලාට පස්සෙයි.”
COMMENTS