හිටපු ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංගයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්දය දුන්නේ නැති බවට තමන් ව...
හිටපු ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංගයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්දය දුන්නේ නැති බවට තමන් විසින් කල ප‍්‍රකාශය හෙලා දකිමින් එවන් විශ්වාස භංගයක් ගෙන ආවේ නැති බව හිටපු ජනාධිපතිවරයා කී නමුත් තම ප‍්‍රකාශය සම්පුර්ණ සත්‍ය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවක්ද උපුටා දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ 2016 ජූනි 09 වන දිනා පාර්ලිමේන්තුවේදී ඇමති රවි කරුණානායකට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ඊට ඡුන්දය දීමෙන් වැලකී ඇති බවත්ය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පානදුරේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනහමුවක් අමතමිනි.
බැදුම්කර කොමිසමේ වාර්තාව හා මහා බරපතල වංචා කොමිසමේ වාර්තාව හැකිනම් පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නැයිද ජනාධිපතිවරයා එහිදී අභියෝග කලේය.
එම වාර්තා දෙකම මැතිවරණයෙන් පසුව විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ දුෂිත ප‍්‍රභූන්ගේ සන්ධානය එකග වී ඇතැයිද ඔහු එහිදී වැඩි දුරටත් කීය.

COMMENTS