දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"බලවත්" නගර පාලනය කරන "බලවත්තු"
Homeගොසිප්

"බලවත්" නගර පාලනය කරන "බලවත්තු"

PropellerAds

ප‍්‍රංශයේ පැරීසිය, ඉතාලියේ රෝමය, ස්පාඤඤයේ බාර්සිලෝනා නුවර, චෙක් ජනරජයේ ප‍්‍රාග්, සහ වර්සෝ, බැග්ඩෑඞ් ඇතුලූ ප‍්‍රධාන පෙළේ නගර බොහෝමයක පාලන ...

බැසිල් හා ගෝඨා දේශපාලනය උඩුයටිකුරු කිරීමට සැරසේ.
ITN ප්‍රෝග්‍රෑම් නැවතී ඇත්තේ සුවඳ වැඩිවෙලා...?
ශ්‍රී ලාංකිකයන්ට වඩා ආරක්ෂාකාරී සබඳතාවයක් Viber වෙතින්.

ප‍්‍රංශයේ පැරීසිය, ඉතාලියේ රෝමය, ස්පාඤඤයේ බාර්සිලෝනා නුවර, චෙක් ජනරජයේ ප‍්‍රාග්, සහ වර්සෝ, බැග්ඩෑඞ් ඇතුලූ ප‍්‍රධාන පෙළේ නගර බොහෝමයක පාලන වගකීම දරන්නේ කාන්තා නගරාධිපතිනියන් විසිනි. මෙය නව ප‍්‍රවණතාවයකි. නව ප‍්‍රවණතාවයක් යැයි කීවේ, මීට පෙර කිසිදු අවස්ථාවක, මේ නගර,  තමන්ගේ ප‍්‍රධානියා ලෙස කාන්තාවන් තෝරා පත් කර ගෙන නොතිබුණු බැවිනි. බැග්ඩෑඩයේ හැරුණු කොට, ඉහත නගර සියල්ලේම වාගේ නගරාධිපතිනියන් තෝරා පත් කර ගනු ලැබුවේ මහජන ඡන්දයෙනි. 

පැරීසිය පාලනය කරන, ඈන් හීඩල්ගෝ, ප‍්‍රංශ සමාජවාදී පක්ෂය නියෝජනය කරයි. 2014 දී මැතිවරණයට ඉදිරිපත් වූ ඈන්, ඒ මැතිවරණයේ දී 55% ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ජයග‍්‍රහණය කිරීමට සමත් විය. ඈන් හීඩල්ගෝ, පැරීසියේ පරිසර දූෂණයට එරෙහි සටන සියතට ගෙන තිබේ. ඇගේ ඒ සටනට පැරිස් ජනයාගේ සහාය නොමදව ලැබෙන බවද කිව යුතුයි.

රෝමය පාලනය කරන, වර්ජිනියා රගී, දූෂණ විරෝධී සටනකට නායකත්වය දෙයි. ඇගේ සටන දූෂණයට එරෙහි සටනකි. අනාගත පරම්පරාව, නිදහස් සාමකාමී රෝම පුරවරයක පුරවැසියන් බවට පත් කිරීම ඇගේ අභිප‍්‍රායයි.

නගරාධිපතිනියන් අතර සිටින වඩාත්ම රැුඩිකල් නගරාධිපතිනිය , ස්පාඤඤයේ බාර්සිලෝනාව පාලනය කරන ඒඩා කොලව් ය. ඇගේ සටන බාර්සිලෝනාවේ නිර්ප‍්‍රභූ දුප්පත් ජනතාවට, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම සදහා යොමු වී තිබේ. නගරාධිපති සටන ජයග‍්‍රහණය කිරීමෙන් පසුව ඒඩා කොලව්, ඇගේ ජයග‍්‍රහණය බාර්සිලෝනාවේ නිර්ප‍්‍රභූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා ය. 

මේ සියලූ නගරාධිපතිනියන්, පිරිමින් හා සමානව සහ අනාගත පරම්පරාව කෙරෙහි වූ ඊටත් වඩා වැඩි ආදරයකින් යුතුව තමන්ගේ නගර පාලනය කරයි; අනාගත සැලසුම් සදයි. සටන් කරයි. පෙබරවාරි 10 වන දා පැවැත්වෙන මැතිවරණයෙන් රෝසී සේනානායක මැතිණිය කොළඹ පුරපති අසුනට තේරී පත් වුවහොත්, කොළඹ පළමු පුරපතිනිය ලෙස ඈ ඉතිහාස ගත වනු ඇති.  ලෝකයේ අනෙකුත් පුරපතිනියන් සමඟ එක පෙළට සිට ගැනීමට හැකි, බුද්ධිමත් සහ දේශපාලන සවිඤාණිකත්වයකින් යුතු පුරපතිනියක් තෝරා පත් කර ගත්තා යැයි, කොළඹ පුරවැසියන්ට සතුටු විය හැකි ය. 

ස්වාධීන විචාරකයන්ගේ අදහස නම්, කොළඹ පුරපති සටනින් රෝසී සේනානායක නිසැක ලෙසම ජය ගන්නා බවයි. ඇගේ ජයග‍්‍රහණය අලූත් බලගතු කොළඹක ආරම්භය වනු ඇති.

රෝසී, කොළඹ පළමු වැනි නගරාධිපතිනියයි. 
ලංකාවේම දෙවැනි නගරාධිපතිනියයි. 

පෙබරවාරි 10 මැතිවරණයෙන් පසුව, රෝසී සේනානායක නිසැක ලෙස ම කොළඹ පුරපති අසුනේ අසුන් ගනු ඇති. ඒ ගැන කිසිදු සැකයක් කිසිවෙකුට නැත. පොහොට්ටුවෙන් සහ බුලත් කොළයෙන් කොළඹ ට ඉල්ලන අපේක්ෂකයන් අතරේ, කොළඹ පුරපති අසුනේ අසුන් ගැනීමට රෝසී තරම් සුදුසු කිසිවෙකු නැත. මේ හේතුව නිසාම නිතරගයෙන් රෝසී ජයගනු ඇති.  නිසැක ජයග‍්‍රහණයෙන් පසුව, කොළඹ පළමු පුරපතිනිය බවට පත් වීමේ වාසනාව හිමි වූවත්,  රෝසී ලංකාවේ පළමු පුරපතිනිය නොවේ. රෝසිට පෙර, මහනගරයක් පාලනය කළ පුරපතිනියක් අපට සිටියි. ඒ යාපනය මහ නගර සභාව පාලනය කළ සරෝජනී යෝගේස්වරන් මැතිණියයි. 1997 වසරේ පැවති මැතිවරණයෙන්, යාපනයේ නගරාධිපතිනිය ලෙස සරෝජනී යෝගේස්වරන් තේරී පත් වූ වා ය. ඈ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජන කළ අපේක්ෂිකාවයි. නමුත් වැඩිකල් පුරපති අසුනේ වාඩි වී සිටීමට ඇයට නොහැකි විය. එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් ඈ මරා දැමුවා ය.

"රෝසි ම" මිසක් කොළඹට වෙන කිසිවෙක් සුදුසු නොවන්නේ ඇයි...?

ලංකාවේ අපට අග නගර දෙකක් තිබේ. එකක් කොළඹ යි. අනෙක, ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යි. ජයවර්ධනපුර කෝට්ටේ ලංකාවේ 'පරිපාලන' අගනුවර යි. 'කොළඹ' වාණිජ අගනගරයයි.  ඉදිරි දශකය අපේ රට, සංවර්ධන ඉලක්ක හඹායන දශයකය වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයි. ඒ ගමනේ දී 'කොළඹට' සුවිශේෂ කාර්ය භාරයක් පැවරී තිබේ. 

සංවර්ධනයේ ප‍්‍රතිලාභ රටේ සිවු කොණ ව්‍යාප්ත වුවත්, දේශපාලනයට සහ ආර්ථීකයට අදාළ ජාත්‍යන්තර සම්බන්ධතා අපි ගොඩ නගන්නේ කොළඹ සිට යි. එමෙන්ම ජාත්‍යන්තරය අපේ රට ගැන චිත‍්‍රයක් ඇද ගන්නේ, 'කොළඹ පරිපාලනයට' සාපේක්ෂවයි. ඒ නිසාම, රට නියෝජනය කරමින්, කොළඹ මුල්පුටුව දැරිය යුත්තේ, විදග්ධ, බුද්ධිමත් සහ තීක්ෂණ නායකයෙකි. රෝසී තරම් තීක්ෂණ, රාජතාන්ත‍්‍රික ගනුදෙනුවලදී ඈ තරම් පරිණතභාවයක් දක්වා ඇති වෙනත් අපේක්ෂකයෙකු වෙනත් කිසිදු පක්ෂයකින් මේ මැතිවරණයට ඉදිරිපත් වී නැත. විශේෂයෙන්ම අගමැති විසින් සැලසුම් කර තිබෙන, ඉදිරි සංවර්ධන ඉලක්ක ගැන පුලූල් අවබෝධයක් ඇයට තිබේ. කොළඹ පුරපති අසුනේ රෝසී වාඩි වී ම ඒ ඉලක්ක වෙත රට රැගෙන යන ගමනේ දී,  අගමැති රනිල් වික‍්‍රමසිංහට ලැබෙන අමතර වාසියක් ද වනු ඇති. 

කොළඹ පුරපති අසුන සදහා රෝසිම මිසක් - සුදුසු වෙනත් අයෙකු නැතැයි, බොහෝ දෙනා පවසන්නේ මේ හේතුව නිසා ය.

හැමෝගෙම කොළඹට අපේ රෝසි. 

'කොළඹ' අපි හැමෝගේ ම නගරයයි. 'කොළඹ', අපි හැමෝගෙම නගරය යැයි කියන්නේ,  සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් යන ආදී සියලූ ජනකොටස් කොළඹ ජීවත් වන බැවිනි. සංඛ්‍යා ලේඛනවලට අනුව, කොළඹ ජනගහනයෙන් 41.6% ක් සිංහලයන් ය.  28.9% ක් ලංකා දෙමළ වන අතර, 23.8% ක්, මුස්ලිම් වරුය. මීට අමරතව, 'ඉන්දියානු දෙමළ', 'මැලේ', සහ 'බර්ගර්' යන ජන කොටස් ද සුලූ ප‍්‍රතිශතයන්ගෙන් වුවත්, කොළඹ ජීවත් වෙයි. කොළඹ මුල් පුටුවට තේරී පත් විය යුත්තේ, මේ සියලූ ජනකොටස් නියෝජනය කළ හැකි චරිතයකි. 

බහුවාර්ගික, බහු ආගමික, කොළඹට රෝසී තරම් සුදුසු වෙනත් අයෙකු මේ මැතිවරණයේ දී ඉදිරිපත් වී නැත. පොහොට්ටුවෙන් සහ අත ලකුණෙන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් දෙදෙනා ම, යම් කිසි තරමකට ජාතිවාදය කේවල් කරන දේශපාලන චරිත බව නො රහසකි. රෝසී, ඇගේ දේශපාලන ජීවිතයේ දී කිසි දිනෙක, අදහස්වලින් හෝ හැසිරීමෙන්, ජාතිවාදී වී නැත. ඈ, සියලූ ප‍්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හිස් මුදුනින් පිළිගන්නා කාන්තාවකි. රෝසී, ප‍්‍රසිද්ධ වේදිකාවේ දී හෝ දේශපාලන සංවාදවල දී, ජාතිවාදී අදහස් ප‍්‍රකාශ කළා යයි කියා  කිසිම තැනක වාර්තා නොවේ. 

කොළඹ යනු බහු ආගමික සහ බහුවාර්ගික නගරයකි. එමෙන්ම කොළඹ, 'ඉහළ' සහ 'පහළ මධ්‍යම පන්තියට' අයත් ජනප‍්‍රජාවන්ගෙන් ද යුත් නගරයකි. රෝසී, ඒ දෙපිරිසේම හද ගැස්ම හදුනා ගන්නට සමත්ව සිටියි. ඉහළ පන්තියේ මිනිසුන්ට ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් රැුක දිය යුතුවනවා මෙන්ම පහළ මධ්‍යම පන්තියට අයත් බහුතරයේ, මුලික අවශ්‍යතා ඉටු කරමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමේ වගකීම ද කොළඹ මුල් පුටුව භාර ගන්නා කාට වුවත් පැවරෙයි. එවැනි වගකීමක් ඉටු කළ හැකි එකම අපේක්ෂිකාව රෝසී බවට කිසිදු විවාදයක් නැත. හැමෝගෙම කොළඹට, රෝසී තරම් ගැලපෙන - වෙනත් අයෙක් නැත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "බලවත්" නගර පාලනය කරන "බලවත්තු"
"බලවත්" නගර පාලනය කරන "බලවත්තු"
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrAk5pU4QarVnPYQ7sjv1ZHmKqOBynhfHq5tor73QnWCVLktd3QhVtD7qELQRNBEEMGLfL4ehdQgWcNOS-Loc_9tCWl8ZLb1AqNAAR1HtPRqxBfpA9YBpoEwiZ_glpX03StoU0UAzdRPIC/s1600/IMG_9801+copy.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrAk5pU4QarVnPYQ7sjv1ZHmKqOBynhfHq5tor73QnWCVLktd3QhVtD7qELQRNBEEMGLfL4ehdQgWcNOS-Loc_9tCWl8ZLb1AqNAAR1HtPRqxBfpA9YBpoEwiZ_glpX03StoU0UAzdRPIC/s72-c/IMG_9801+copy.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_931.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_931.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy