දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුවට මවක මිස.
Homeගොසිප්

දුවට මවක මිස.

PropellerAds

සෙරීනා විලියම්ස්ව අප දන්නේ ලෝක කාන්තා ටෙනිස් කරළියේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙසටය. ඇය තරම් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අවධානය දිනූ වෙනත...

වෙන පක්ෂයක් හදන්න තීරණය කළ බවට මහින්දගෙන් ප්‍රකාශයක්
ලංකාවෙන් හමුවූ INFLUENZA AH1-N1 දෙන්නෙක් මැරිලා ඉතිරි අයට ප්‍රතිකාර පහසුකම් නෑලු
අයි.ටී.එන්. ‘ඇඩල්ට්ස් ඔන්ලි’ වෙන්න යනවලු

සෙරීනා විලියම්ස්ව අප දන්නේ ලෝක කාන්තා ටෙනිස් කරළියේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙසටය. ඇය තරම් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අවධානය දිනූ වෙනත් ක්‍රීඩිකාවක් නැති තරම්ය. අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ උපන් මේ කළුජාතික ක්‍රීඩිකාව වසර 14දී එනම් 1995දී ජාත්‍යන්තර කනිෂ්ට ටෙනිස් පිටියට පා තැබීමෙන් පසුව මෙතෙක් ගතවූ වසර 23ක කාල පරිච්ඡේදය තුළ දිනාගත් ශූරතා සංඛ්‍යාව කොතෙක්දැයි දන්නේ ඇයම පමණි.

ඒ සියල්ල අතර ග්‍රැන්ඩ් ස්ලෑම් ශූරතා නමින් හඳුන්වන වසරේ ප්‍රමුඛතම ටෙනිස් තරගාවලි 4දී සිය ආධිපත්‍ය පතුරුවාලමින් ඇය විසින් උපයාගත් ධන සම්භාරයත්, කීර්තියත්, ශූරතා ප්‍රමාණයත් අබිබවා යාමට සමත් කිසිදු ක්‍රීඩිකාවක් නැවත කිසිදිනෙක බිහි නොවනු ඇතැයි බොහෝ ටෙනිස් විචාරකයෝ කියති.

පසුගිය වසර 15 පුරා ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල වරින් වර පෙරමුණ ගත් ශක්තිමත් සිරුරකට හිමිකම් කියන මේ ක්‍රීඩිකාව නොකඩවා සති 186ක්ම පෙරමුණ රැක ගනිමින් තැබූ වාර්තාව විශ්මිතය.

ඇය විසින් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග බිමේ දිනාගත් ඒකල, යුගල හා මිශ්‍ර යුගල ශූරතා එකතුව 39කි. එය ටෙනිස් පිටියේ ක්‍රීඩිකාවක් දිනාගත් වැඩිම ශූරතා අතර ඇයට තුන්වැනි තැන හිමිකරදී තිබේ. ඒ සියල්ල අතර ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග බිමේ වැඩිම ඒකල ශුරතා දිනාගත් ක්‍රීඩිකාව වන ඔස්ට්‍රේලියාවේ මාගරට් කෝට්ගේ ශුරතා ප්‍රමාණය 24කි. සෙරීනා මේ දක්වා දිනා ඇති ඒකල ග්‍රෑන්ඩ් ස්ලැම් ශූරතා ප්‍රමාණය 23කි. ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනූ ක්‍රීඩිකාව බවට පත්වීමට ඇයට අවශ්‍ය තවත් ශූරතා දෙකක් පමණි.

ඇය විසින් දිනාගන්නා ලද ශූරතා සමග තරකරගත් ධන සම්භාරය අමෙරිකානු ඩොලර් මිලියන 29කි. පසුගිය වසරේ සුප්‍රකට ෆෝබ්ස් සඟරාව නම් කළ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ධනවත්ම පුද්ගලයන් සිය දෙනා අතර සිටින එකම ක්‍රීඩිකාව ද ඇයයි.

වාර්තා කන්දරාවකට හිමිකම් කියමින් තවත් වාර්තා ගණනාවක් තැබීමේ එළිපත්තට පිවිසී සිටි සෙරීනා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සිය කුළුඳුල් දරු ප්‍රසූතියෙන් පසුව තවමත් ටෙනිස් පිටියට පා තැබුවේ නැත. මේ වනවිට වසරේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය ආරම්භ වී තිබේ. පසුගිය වසරේ එහි ශුරතාව දිනාගත්තේද සෙරීනාය.

එහෙත් මේ වසරේදී ඇය ඊට සහභාගි නොවිමට තීරණය කළේ දරු ප්‍රසූතියෙන් පසුව තවමත් ක්‍රීඩා කිරීමට තරම් ශාරිරික යෝග්‍යතාවක් ඇයට නැති බව කියමිනි. එහෙත් සැබැවින්ම ඇය ටෙනිස් පිත්ත අතට ගැනීම පමා කරමින් සිටින්නේ දරු සිඟිත්තිය සුරතල් කරන්නට ලැබෙන කාලය ටෙනිස් පිටියට කැප කිරීමට තරම් ලෝබ කමින් සිත පිරී ඇති බැවිනි.

ඕනෑම කාන්තාවකට දරුවකු ලැබීම තරම් තවත් සම්පතක් මිහිපිට නැත. එය සෙරීනාටත් එක සේ පොදු කාරණාවකි. මොලකැටි දැරියගේ කිරිසුවඳින් පිරුණු කැදැල්ලෙන් පිටමංව ටෙනිස් පොරපිටියේ ජයග්‍රහණය උරගා බැලීමට තරම් ඇයට කාලයක් ද නැත. මේ විශිෂ්ට ක්‍රීඩිකාව තරග බිමේ නොමැති බැවින් සෙසු ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් හිතේ හැටියට දස්කම් දක්වමින් සිටිති. එහෙත් සෙරීනාට නම් ඒ ගැන වගේ වගක් නැත.

‘දුවට අවුරුදු 18ක්වත් පිරෙනතුරු එක දවසක්වත් ඇගෙන් වෙන්වෙන්න මට නම් හිතක් නෑ.‘ සෙරීනා ඊයේ පෙරේදා වෝග් සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එසේ කීවේ උතුරා ගිය මාතෘ ස්නේහයෙන් හිත පුරවාගෙනය.

‘දැන් මට අවුරුදු 36ක් වෙනවා. මගේ දුවගේ හුරතල් මුහුණ දකිද්දී මට ටෙනිස් පිත්ත ගැන කිසිම ආසාවක් ඇතිවෙන්නේ නෑ. මේක නේද මම ජීවිත කාලය පුරාම බලාපොරොත්තු වුණු ලොකුම සම්පත..මට මතකයි පොඩිකාලේ මම බෝනික්කන් තුරුළුකරගෙන සෙල්ලම් කළා. දෙවියන් දැන් මට ජීවමාන බෝනික්කෙක් තෑගි දීලා. ‘සෙරීනා එසේ කියන්නේ සතුටින් උද්දාමයට පත්වෙමිනි. ඒ සතුට, උද්දාමය ඇයට ලොව පුරා ටෙනිස් ක්‍රීඩිකාවන්ගේ එකම සිහිනය වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාව දිනාගත් මොහොතේදී ලැබූ සතුට මෙන් සිය දහස්ගුණයක එකකි. සෙරිනා සිය දියණියට නම තැබුවේ ඇලෙක්සිස් ඔලිම්පියා ඔහානියන් ලෙසටය. ගැහැනියකට මෙලොව ලැබිය හැකි උතුම්ම තෑග්ග ඇයට ලබා දුන්නේ ඇලෙක්ස් ඔහානියන්ය. ඇය මවක වූයේ අමෙරිකාවේ ධනවත් ව්‍යාපාරිකයකු වන ඇලෙක්සිස් සමග මීට වසර දෙකකට පෙර සෙරීනා ඇතිකරගත් පෙම් පළහිලව්වේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඔවුන් පසුගිය වසරේ නොවැම්බරයේ විවාහ වෙද්දී මේ දැරියට මාසයකුත්, දවස් 15කි. එය ගණන් ගත යුතු හෝ විමතියට පත්විය යුතු හෝ කාරණාවක් නොවේ. වඩාත්ම වැදගත් කාරණාව වන්නේ සෙරීනා මාතෘත්වය ලැබීමය.

‘ඇත්තම කියනවානම් මට තවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගොඩක් දිනාගන්න ඕනා. වාර්තාපොත ගැන මම හොඳ අවධානයකින් ඉන්නේ. ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා තව දෙකක් දිනාගෙන ඒක 25 දක්වා වැඩි කරගැනීම ගැනත් මම කල්පනා කරමිනුයි ඉන්නේ. ඒත් ඊට වඩා මට කළ යුතු දේවල් ගොඩාක් තියෙනවා. දරුවාගේ තෙත රෙදි මාරු කරන්නත් තියෙනවා. එයාට හොඳ නරක කියා දෙන්නත් තියෙනවා. තව තව දේවල් ගොඩාක් තියෙනවා. ඒවා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලට වඩා වටින බව අමුතුවෙන් කියන්න ඕනෙත් නෑ.‘ සෙරීනා වෝග් සඟරාවට එසේ කීවාය.

‘ටෙනිස් පිටියේ ජයග්‍රහණවලට වඩා කීර්තියට වඩා ඒවා කොයිතරම් වටිනවද..? වෙනදාට ටෙනිස් පිත්ත සමග ‘සෙල්ෆි‘ ගසා සිය වෙබ් අඩවිය අලුත් කරන සෙරීනා දැන් දියණිය තුරුළු කරගෙන සෙල්ෆි පිට සෙල්ෆි ගසමින් වෙබ් අඩවිය පුරවා දමන්නීය. ඒවා වරින් වර නරඹමින් ඇය ලබන සතුට ග්‍රැන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගැනීමෙන් ලැබෙන සතුටට වඩා වෙනස්ම ආකාරයේ එකකි. එය ගැහැනියකගේ සිතට දැනෙන්නටම නම් මවක විය යුතුම බව සෙරීනා කියන්නීය.

(ෆවුස් මොහොමඩ්)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුවට මවක මිස.
දුවට මවක මිස.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWqIC9YeTW-gBGO-5cXMC6Ntb48Rd753MsjM6XQVV8HlliHbu_rxTImwLNEbLWhX6LIzHHbys4fnXruyrLAplxEtpY_tHiFmapTnOh-GcQBKf-au9WVUoyipr5LMcrRascSrPqgBZtNdgS/s1600/Untitled-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWqIC9YeTW-gBGO-5cXMC6Ntb48Rd753MsjM6XQVV8HlliHbu_rxTImwLNEbLWhX6LIzHHbys4fnXruyrLAplxEtpY_tHiFmapTnOh-GcQBKf-au9WVUoyipr5LMcrRascSrPqgBZtNdgS/s72-c/Untitled-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_915.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_915.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy