සාගල රත්නායක, වජිර අබේවර්ධන, තිලක් මාරපන, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පහුගිය ආණ්ඩුවේ හොරු ආරක්ෂා කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර ...
සාගල රත්නායක, වජිර අබේවර්ධන, තිලක් මාරපන, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පහුගිය ආණ්ඩුවේ හොරු ආරක්ෂා කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ ඊයේ (21) පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“දැන් මොකද වුණේ අවුරුදු 3යි. ඇල්ලුවද හොරු? හොරු ඇල්ලුවා නෙවෙයි හොරු ආරක්ෂා කළා. මතක තබා ගන්න සාගල රත්නායක, වජිර අබේවර්ධන, තිලක් මාරපන, රනිල් වික්‍රමසිංහ පහුගිය ආණ්ඩුවේ හොරු ආරක්ෂා කළා. මන් කියනවා ටී.වී නාලිකා වලට කරුණාකරලා ඒ කෑල්ල දාන්න. දැම්මහම එයිනේ ඒ ගොල්ලෝ නෑ කියාගෙන. සාගල රත්නායක කිව්වොත් හොරු රැක්කේ නැහැ කියලා. රනිල් කිව්වොත් හොරු රැක්කේ නැහැ කියලා. වජිර අබේවර්ධන කිව්වොත් හොරු රැක්කේ නැහැ කියලා. තිලක් මාරපන කිව්වොත් හොරු රැක්කේ නැහැ කියලා. අපි හෙළිදරව් කරන්නම් ඒ ගොල්ලෝ හොරු රැක්ක විදිය.”
“තමුන්නාන්සේලාගෙන් අපි අහන්නේ ඡන්දේ ඉවර වුණාම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවද පෙබරවාරි මාසේ 10 වෙනිදගෙන් පස්සේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් නම් අපට ඡන්ද හම්බුවෙලා තියෙනවා. මේ ඡන්ද ඔක්කොම හම්බුනේ ඥාතිකමට, යාළුකමට. එහෙම කියනවද? අපි පාර්ලිමේන්තුවේ නැගිට්ටොත් බැදුම්කරේ ගැන කියන්න හා දැන් ඕගොල්ලෝ ඕක කියන්න එපා. ඕගොල්ලෝ ඕක ගාල්ලටත් කිව්වා. ගාල්ලේ මිනිස්සු බැදුම්කරේ හොරකමක් සිදු නොවූ බව අනුමත කොට ඇත. තමුන්නාන්සේලා කරන වැඩෙන් අපෙත් කටවල් වැහෙයි ඡන්දේ දුන්නොත්. මන් දැක්කා පෝස්ටර් ගහලා තියෙනවා මහින්ද මහත්තයා අගමැති කරන්න ඡන්දේ දෙන්න කියලා. මේ ඡන්දෙන් මහින්ද මහත්තයා අගමැති කරන්න පුළුවන්ද? ඇත්තටම මේක බොරුවක්. ඇයි ඒ බොරුව කියන්නේ? ඒ බොරුව කියලා ගමේ භාණ්ඩ ටික විකුණා ගන්න බැහැ. ගමේ සෙට් එක ගැන ගමේ අය දන්නවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS