යාපනය ප්‍රදේශයේ හදිසියේම ඇතිවී තිබෙන බිහිසුණු වාතාවරණය නිසා සාමාන්‍ය ජනතාව බියට පත්ව සිටින හෙයින් වහාම මේ තත්ත්වය මර්දනය කිරීමට අවශ්‍ය පිය...
යාපනය ප්‍රදේශයේ හදිසියේම ඇතිවී තිබෙන බිහිසුණු වාතාවරණය නිසා සාමාන්‍ය ජනතාව බියට පත්ව සිටින හෙයින් වහාම මේ තත්ත්වය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා ඊයේ (03) යාපනය දිසාපති කාර්යාලයේ පැවති සිවිල් ආරක්ෂක කමිටු රැස්වීමේදී පැවසීය.
කඩු කිනිසි රැගෙන මහජනතාව බිය වද්දමින් ක්‍රියා කරණ විවිධ කණ්ඩායම් නිසා යාපනයේ සාමය අගයන හා නිදහසේ ජීවත්වීමට කැමති අසරණ ජනතාවට මේ දිනවල අනිසි බියකට මුහුණ පෑමට සිදුව ඇති නිසා සිවිල් ආරක්ෂක කමිටු යාපනයේ සෙසු ආරක්ෂක අංශ වෙත පූර්ණ සහය ලබා දිය යුතු බවද නාගලිංගම් වේදනායගම් දිසාපතිවරයා මෙහිදී කියා සිටියේය.
ඉතා අවාසනාවන්ත ලෙස හටගෙන තිබෙන මේ තත්ත්වය ඉතාම ඉක්මනින් මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යාපනයේ ඉහලම ආරක්ෂක ප්‍රධානීන්ගෙන් තමන් ඉල්ලා සිටි බවත් ඒ පිරිස් සමග මේ පිළිබදව සාකච්ඡා කළ බවත් යාපනය දිසාපතිවරයා මෙහිදී කියා සිටියේය.
විශේෂයෙන්ම යාපනයේ හටගෙන ඇති මේ අවාසනාවන්ත තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාවට හානියක් හිරිහැරයක් නොවන අන්දමට කටයුතු කිරීමට උදව් උපකාර කිරීම සිවිල් ආරක්ෂක කමිටු වල ඇති වගකීමක් බවද දිසාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS