දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“එජාපය පොදුජන පෙරමුණේ විරුද්ධවාදියා නෙවෙයි“ - මිලින්ද රාජපක්ෂ
Homeප්‍රවෘත්ති

“එජාපය පොදුජන පෙරමුණේ විරුද්ධවාදියා නෙවෙයි“ - මිලින්ද රාජපක්ෂ

PropellerAds

කොළඹ පුරපති සටන මේවන විට උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන පක්ෂ ඇතුළු සියලු දේශපාලනඥයන්ගේ අවධානයද කොළඹ මහ නගර ...

පක්ෂයට සතුරුකම් කරන අයට ඉඩක් නෑ - එස්.බී.
යහපාලනය හා නීතිය - චාමර ලක්ෂාන් කුමාර
සාත්තර සුමනේට තග දමන්නට ගිහින් නාමල් ඇන ගනී.
“එජාපය පොදුජන පෙරමුණේ විරුද්ධවාදියා නෙවෙයි“ - මිලින්ද රාජපක්ෂ

කොළඹ පුරපති සටන මේවන විට උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන පක්ෂ ඇතුළු සියලු දේශපාලනඥයන්ගේ අවධානයද කොළඹ මහ නගර සභා මැතිවරණය දෙසට යොමු වී තිබේ. කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමට සියලු පක්ෂ වැඩිම බරක්‌ යොදා ඇත. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයද අනෙකුත් පළාත් පාලන ආයතනවලට වඩා කොළඹට උපරිම ජවයක්‌ යොදා මෙවර තමන් අතට බලය ලබාගැනීමට පිඹුරුපත් සකස්‌ කරමින් ඡන්ද සටනට පිවිස සිටියි.

රටේ අගනගරය වන කොළඹ නගරය මෙතෙක්‌ කාලයක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයේ බලකොටුවක්‌ව පැවැතුණි. සිංහල, දෙමළ හා මුස්‌ලිම් යන සියලු ජාතීන්ගේ සංයුතියකින් යුතු කොළඹ නගරය කෝටිපති ධනවතුන්ගෙන් මෙන්ම දුගී දුප්පත් පැල්පත්වාසීන්ගෙන්ද සමන්විත වෙයි.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් මෙවර කොළඹ මහ නගර සභාව මැතිවරණයට තරග වදී.

ඒ අතරින් උණුසුම් වූ කොළඹ සටන ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභා අපේක්ෂක මිලින්ද රාජපක්ෂ මහතා අප සමග කළ සංවාදයකි මේ.

රටේ අගනගරය වූ කොළඹ පාලනය කිරීමේ පුරපති පුටුවට තරග කරන්න තරුණයෙකු ලෙස ඇයි ඔබ තීරණය කළේ?

මේ වෙලාවේ ලංකාවේ පවතින දේශපාලන වාතාවරණය අපි වගේ ක්‍රියාකාරීව සමාජය දෙස, රට දෙස, රටේ පවතින දේශපාලන තත්ත්වය දෙස බලන තරුණයන්ට මඟ හැරයානොහැකි තත්ත්වයක්. ජනවාරි 08 වෙනිදගෙන් පස්සේ රටේ තියෙන සාමය තර්ජනයට ලක් වෙලා තියෙනවා. රටේ තියෙන පොදු දේපළ මංකොල්ල කන්න පටන් අරන් තියෙනවා. කවදාවත් නැති විදියට රට විදේශ රාජ්‍යයන්ට ගැති වෙන්න පටන් අරන් තියෙනවා. අපේ ඇස් පනා පිටම රට දුෂණය වෙමින් තිබෙනවා. ඒ නිසා රටට ඇල්මක් තියෙන තරුණයෝ විදියට මැතිවරණය ලොකුද,පොඩිද, මැතිවරණය පාර්ලිමේන්තුද, පළාත් සභාද, ප්‍රාදේශීය සභාද කියලා බලන්නේ නැතුව මේ දේශපාලන වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීම සඳහා අපිට දේශපාලනයට එකතු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකයි මේ මැතිවරණයට ආවේ.

ඔබ නියෝජනය කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පසුගිය පාලන කාලයේ කොළඹ අලංකරණය කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වුණා. ඒත් ඔබේ කණ්ඩායමට එජාපයේ කොළඹ බලකොටුවේ බලය අල්ලන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවද?

කොළඹ නගරය අවුරුදු 50ක් තිස්සේ පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය. එතකොට එක්සත් ජාතික පක්ෂයට වැඩ පිළිවෙලක් තිබුණේ නැති නිසා කොළඹ නගරය අද ගඳ ගහන, පැය භාගයක් වැස්සම වතුර ගලන,ඩෙංගු වලට ළමයි ඓතිහාසික ලෙස ඉතිහාසයේ වැඩිමඩෙංගු වලින් මරණ අනුපාතිකයක් සිද්ධ වෙන, කුණු කඳු වලට යට වෙලා ළමයි මැරෙන නගරයක් බවට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් මහ සුවිසාලබිල්ඩින් හැදෙද්දී 50% ක් 60% ජනතාව තවමත් වතුවල හරියට වැසිකිලි කැසිකිලි පහසුකම් නැතුව,පිරිසිදු ජලයවත්නැතුව ජිවත් වෙන්නේ. එතකොට 2009න් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා නාගරික සංවර්ධන අධිකාරිය භාර ගත්තට පස්සේ උපරිම උත්සහයක් දැරුවා මේ කොළඹ නගරය ජාත්‍යන්තර මට්ටමේ නගරයක් ලෙස පවත්වා ගෙන යන්න. ඒකට ජාත්‍යන්තරව 2014 ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය බවට කොළඹ නගරය පත් වුණා. හැබැයි අද මැතිවරණ කල් දාපු එකෙන් ආයේ පාරක් කොළඹ නගරය අර සුපුරුදු අපිරිසිදු නගරය බවට පත් වෙමින් පවතිනවා. ඒ නිසා මේ සියල්ල සැලකිල්ලට ගනිමින් අපි වැඩපිළිවෙලවල් 10ක් යථාර්ථයක් කරවන සිහින නගරය කියලා අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඔබ දිනවන කොළඹ ගමන තමයි අපි ඒ ඩොකියුමන්ට් එකේ නම. ඒක ගිය සතියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා කොළඹ මහ ජනතාවට පිළිගැන්නුවා. එතන අපි වැඩපිළිවෙලවල් 10ක් ඉදිරිපත් කළා කොළඹ නගරයේ සංවර්ධනය වෙනුවෙන්.

එජාපය, ශ්‍රීලනිය, ජවිපෙ ඇතුළු පක්ෂවලින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින්ට ඔබ මුහුණ දීමට ඔබ කණ්ඩායම සූදානම්ද?

එක්සත් ජාතික පක්ෂය කියන්නේ පොදුජන පෙරමුණේ විරුද්ධවාදියා නෙවෙයි. කොළඹ ජිවත්වන ජනතාවගේ විරුද්ධවාදියා. අවුරුදු 60ක් තිස්සේ මේ නගරය විනාශ කරපු දේශපාලන පක්ෂය,අපිටනෙවෙයි තර්ජනයක් වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට. මන් හිතනවා අනිත් දේශපාලන පක්ෂ දෙක කොළඹ නගරය සම්බන්ධයෙන් සාධනීය වැදගත්කමක් නැහැ. නමුත් ඒ දෙගොල්ලෝ හා ස්වාධින පක්ෂත් ආසන 1, 2 වගේ සුළු ප්‍රමාණයක් ගනීවි.

මැතිවරණය ව්‍යාපාරය තුළ මේවන විට ඔබට ලැබෙන ජනතා ප්‍රතිචාරය කොයිවගේද?

අපිට කාරණා කිහිපයක් පැහැදිලිව පෙනෙන්න තියෙනවා එකක් තමයි මෙතෙක් කල් ඡන්දයදුන්නු පාරම්පරික යූ.එන්.පී සාමාජිකයන් මේ බැංකු හොරකම,දුෂණය, රට බෙදනවා වගේ කාරණා එක්ක මෙවර ඡන්ද පොළට යන්නේ නැහැ කියන එක අපිටකිව්වා. විශාල යූ.එන්.පී ඡන්ද ප්‍රමාණයක් මෙවර යන්නේ නැහැ ඡන්ද පොළට. සුළු යූ.එන්.පීඡන්ද ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණට යන විත්තියක් පේනවා. විශාල තරුණ ඡන්ද ප්‍රමාණයක් වේගයෙන් පොහොට්ටුවත් එක්ක එකතු වෙමින් තිබෙනවා. අපි ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල සහ අපේක්ෂකයන් නිසා. විශාල වශයෙන් දෙමල සහ මුස්ලිම් ජාතිකයන් කොළඹ ජිවත් වෙන කට්ටිය දිගින් දිගටම අපිට කතා කරලා කියනවා,ඒගොල්ලන්ගේ ගෙවල්වලට එන්න, ඒ වතු වලට එන්න, ඇවිල්ලා අපේ දේශපාලන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා අපිට පැහැදිලි වෙනසක් මෙවර පේන්න තියෙනවා කොළඹ.

කොළඹ ජනතාවට ඔබ මොකක්ද දෙන පණිවිඩය?

කොළඹ තිරසාර නගරයක් බවටයි පත් කළ යුත්තේ. තව අවුරුදු 50කිනුත් අපේ දරුවන්ට හොඳට හුස්ම ගන්න පුළුවන්, වෙලාව පරක්කු වෙන්නේ නැතුව පාරේ ගමනක් යන්න පුළුවන්, මේ සිද්ධවෙන දැවැන්ත ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සමානව හැමෝටම බෙදිලා යන, හොඳ ඉඩකඩ තියෙන නිවසක ජිවත් වෙන්න පුළුවන්, පිරිසිදු ජලය බොන්න පුළුවන්, වස විස නැති කෑම කන්න පුළුවන්, වැස්සට, අව්වට ඔරොත්තු දෙන, ගංවතුර ගලන්නේ නැති, පරිසරය නිල් පාට කොල පාට හරිත වර්ණයෙන් පිරුණු නගරයක් හදන එක තමයි අපේ වැඩපිළිවෙල.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “එජාපය පොදුජන පෙරමුණේ විරුද්ධවාදියා නෙවෙයි“ - මිලින්ද රාජපක්ෂ
“එජාපය පොදුජන පෙරමුණේ විරුද්ධවාදියා නෙවෙයි“ - මිලින්ද රාජපක්ෂ
http://am.lk/media/k2/items/cache/a898fe231dda756b7d3abb761c2af059_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_802.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_802.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy