කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ගමන් ගන්නා වාහන නව කැලණි පාලම අසලින් කැලණිය සහ වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිතා කරන අන්තය (කොළ...
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ගමන් ගන්නා වාහන නව කැලණි පාලම අසලින් කැලණිය සහ වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිතා කරන අන්තය (කොළඹ නුවර මාර්ගයට සම්බන්ධ වන පිටවීමේ මාර්ගය) අද (10) උදෑසන සිට වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා මෙම මාර්ගය වසාතබන බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දී ඇත.
කටුනායක අධිවේගී මාර්ගයේ සිට කොළඹ දෙසට පැමිණෙන වාහන සුපුරුදු පරිදි ගමන් කළ හැකි අතර කැලණිය සහ වත්තල දෙසට පිටවීම සඳහා කැලණි පාලම අසලින් ඇති පිටවීමේ මාර්ගය භාවිතා කරන රියදුරන් පිටවීම සඳහා පෑලියගොඩ හුවමාරුව භාවිතා කර කොළඹ නුවර මාර්ගයට පිවිසිය හැකිබවද සඳහන් කරයි.
COMMENTS