තම ඉල්ලීම් සඳහා රජය අද (29) දිනයේදී විසදුම් ලබා නොදුනහොත් ජනවාරි 30 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංග...
තම ඉල්ලීම් සඳහා රජය අද (29) දිනයේදී විසදුම් ලබා නොදුනහොත් ජනවාරි 30 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (28) අනතුරු ඇඟවිය.
මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා මෙසේ අදහස් දැක්වීය.
“සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ පිළිවෙතට විරෝධය පළ කිරීම, රජයේ වෛද්‍යවරුන්ගේ මූලික වැටුපට සරිලන ආකාරයට ඒ අතිකාලා දීමනා සංශෝධනය කිරීමක් වෙලා නැහැ මේ වන තෙක්. ජාතික වැටුප් ප්‍රතිපත්තියක් තියෙද්දී විවිධ සේවක කාණ්ඩ වල වැටුප් වැඩි කිරීම් රජය කරගෙන යනවා කැබිනට් පත්‍රිකා උපයෝගී කරගෙන. මේ වෛද්‍ය නියාමන පනත බලහත්කාර ලෙස ක්‍රියාත්මක කිරීමට රජය උත්සහ කරනවා රාජිත සේනාරත්න අමාත්‍යවරයා. මේ සම්බන්ධයෙනුත් වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය පළ වෙලා තියෙනවා. ඒ වගේම දිවයින පුරා රෝහල් ගණනාවක් අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු වෙලා තියෙනවා. ඒ තනතුරු සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ නැතුව වැඩ බලන අධ්‍යක්ෂකවරු දාලා සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරගෙන යන්න උත්සාහ කරනවා දිගින් දිගටම. මේ ගැටළු 10 ට සාධනීය විසදුම් අද දිනයේ ලබා දුන්නේ නැත්තම් අපට අනිවාර්යයෙන් හෙට දිනයේ දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන්න වෙනවා.”
COMMENTS