දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැසිවනාන්තර සුරකින්නන් කත්ලාන රුක් රෝපණ වැඩසටහනක.
Homeගොසිප්

වැසිවනාන්තර සුරකින්නන් කත්ලාන රුක් රෝපණ වැඩසටහනක.

PropellerAds

ලෝකඋරුම සිංහරාජ වැසිවනාත්තර සංකීර්ණයට හා ප්‍රේරක කලාපයට අයත් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වැසිවනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙක...

ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය
ඊයෙ රෑ වැස්සට ගාල්ල යටවුණ හැටි
මන්ත්‍රී ඩී.වී චානක උගත් වුණාට ලැබෙන රැකියාව කම්කරු - මහින්ද රාජපක්ෂ කියයි

ලෝකඋරුම සිංහරාජ වැසිවනාත්තර සංකීර්ණයට හා ප්‍රේරක කලාපයට අයත් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වැසිවනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් අරමුණු සඳහා ඇතැම් පිරිස් විසන්  විනාශ කිරීම හේතුවෙන් කලවාන ප්‍රදේශයේ ජල මූලාශ සිදී යාමේ තර්ජනයකට මුහුණ පා ඇත. පරිසර සමතුලිතතාවයටත්, කෘෂිකාර්මික කටයුතු සඳහාත්, කලවාන ප්‍රදේශයේ ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා සඳහාත්, ප්‍රදේශයේ අලංකාර භාවය රැක ගැනීම සඳහාත් මෙම ජල මූලාශ ඉතාමත් වැදගත් වන හෙයින් එය රැක ගැනීමේ එක් පියවරක් වැසිවනාන්තර සුරකින්ගේ සංවිධානය ආරම්භ කරන ලදී.

කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වැසිවනාන්තර සුරකින්ගේ සංවිධානය එකතුව තර්ජනයට ලක්වී ඇති සහ විනාශ වී ඇති වනාන්තර බිම් කොටස් හඳුනාගෙන එම රක්ෂිත තුල ප්‍රදේශයේ පවතින ජෛව විවිධත්වය සලකා එයට ගැලපෙන හොර, බෙරලිය, වල්දෙල්,දොඹ, නා, ගොඩපර, කුඹුක්, මාදම් සහ ශ්‍රී ලංකාවට ආවේනික, වඳවීයාමේ තර්ජනයට භාජනයවී ඇති  පැළ 500 අධික ප්‍රමාණයක් භාවිතා කර ආදර්ශ වන වගා කිරීමේ ව්‍යාපෘතියක් කලවාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කත්ලාන ප්‍රදේශයේ දී 2018.01.13 වන සෙනසුරාදා දින පැවැත් විය.

 කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා කත්ලාන ලෙනගිරි විහාරයට අයත් අක්කර 2ක පමණ රක්ෂිත ප්‍රදේශයක් තුළ මෙම රුක් රෝපණ වැසටහන පැවැත් විය. ප්‍රදේශයේ පවුල් 26 දැනට මෙම කුඩා රක්ෂිතය තුලින් ජල අවශ්‍යතා සපුරා ගන්නා අතරම අදාළ රක්ෂිත ප්‍රදේශය අනවසර සහ බලපත්‍රලාභී තේ වගාකරුවන්ගේ තර්ජනටය ලක්ව ඇත.මෙම ව්‍යාපෘතිය මගින් එසේ අනවසර හෙළීකිරීම්, ඉඩම් අල්ලා ගැනීම් වලකින අතර ප්‍රදේශයේ ජල ව්‍යාපෘතිය පුළුල් කරමින් විශාල පිරිසකගේ ජල අවශ්‍යතා සපුරාගැනීමට අවස්ථාව උදා වේ.

මෙම රුක් රොපන වැඩ සටහන  සඳහා හේමාස් පුද්ගලික ආයතනයේ පූර්ණ අනුග්‍රහය ලැබුන අතර එම ආයතනය තමන්ගේ පුරවැසි වගකීම් පුළුල් කරමින් පරිසර සංරක්ෂණය සඳහා වැඩි වශයෙන් යොමුවීමට බලාපොරොත්තු වන අතර අලුතින් වනාන්තර ඇති කිරීමටත්, හායනයට ලක්වූ වනාන්තර පුනරුත්තාපනය කිරීමටත්, තර්ජනයට ලක්වී ඇති වනාන්තර ඉඩම් සංරක්ෂණයටත් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය සමග දීර්ගකාලීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. එම ආයතයේ විශාල සේවක පිරිසක්, වැසිවනාන්තර සුරකින්ගේ සංවිධානයේ සමාජිකයන්, කලවාන ප්‍රාදේශිය ලේකම් තුමිය අතුලුව නිලදාරීන්, කත්ලාන ලෙනගිරි  විහාරස්තානයේ ස්වාමීන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ සහභාගී විය.

මේ අතර මෙම රක්ෂිත ප්‍රදේශය කිසිඳු සංවර්ධන ක්‍රියවලීන්ට භාජනය නොකොට තව තවත් වන වැස්ම පුළුල් කිරීමට කටයුතු කරමින්. මෙම රක්ෂිත ප්‍රදේශය රැක ගැනීමට අවශ්‍ය සියළුම පියවරගන්නා බව කලවාන ප්‍රාදේශිය ලේකම් තුමිය වන ජී.ඩී.එල්. උදයකුමාරි මහත්මිය මේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැසිවනාන්තර සුරකින්නන් කත්ලාන රුක් රෝපණ වැඩසටහනක.
වැසිවනාන්තර සුරකින්නන් කත්ලාන රුක් රෝපණ වැඩසටහනක.
http://ift.tt/2r2GCJG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_722.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_722.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy